බෙයිජිංහි ඊයේ (25) පැවති 10 වැනි චීන-යුරෝපා සංගමයේ ඉහළ මට්ටමේ ආර්ථික හා වෙළඳ සංවාදය ප්‍රායෝගික ප්රතිලාභ ගෙන දුන් ඵලදායී සංවාදයක් බව චීන වාණිජ අමාත්‍යාංශය පවසයි.
සාර්ව ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධීකරණය, කාර්මික සහ සැපයුම් දාම අතර සහයෝගිතාව, ව්‍යාපාරික පරිසරය වැඩිදියුණු කිරීම, ලෝක වෙළෙඳ සංවිධානයේ ප්‍රතිසංස්කරණ සහ මූල්‍ය ක්ෂේත්රයේ ද්විමාර්ගික විවෘත කිරීම් සහ නියාමන සහයෝගීතාවයන් පිළිබඳ ප්‍රතිපත්ති මාලාවකට සහ සහයෝගීතාවන් රැසකට මෙහිදී දෙපාර්ශ්වය එකඟ වූ බව වාණිජ අමාත්‍යාංශ ප්‍රකාශක අද පැවති මාධ්‍ය හමුවකදී කියාසිටියේය.
චීනය සහ යුරෝපා සංගමය පොදු සංවර්ධනය සහ සමෘද්ධිය ළඟා කර ගැනීමේ දී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන පාර්ශ්වයන් වේ. වර්තමානයේ ලෝකය සංකීර්ණ වෙනස්කම්වලට මුහුණ දෙමින් සිටී. එමෙන්ම ගෝලීය ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට ප්රයත්න දරමින් සිටින මෙවන් පසුබිමක මෙම සංවාද සහ සහයෝගීතාවය ඉතා වැදගත් බව ද දෙපාර්ශ්වය එහිදී ප්‍රකාශ කර ඇත.
මෙම වසරේ දී චීන-යුරෝපා සංගමයේ විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය පිහිටුවීමේ 20 වැනි සංවත්සරය සනිටුහන් කරයි. ගෝලීය සංවර්ධනය පිළිබඳ විශ්වාසය සහතික කරමින් දෙපාර්ශ්වයේ නායකයින් විසින් ඇති කර ගත් වැදගත් එකඟතාවන් ක්‍රියාවට නංවමින්, ප්‍රායෝගික ද්විපාර්ශ්වික සහයෝගීතාව සුරක්ෂිත සහ ස්ථාවර ලෙස ගොඩනැගීමට දෙපාර්ශවය සූදානම්ව සිටින බව ද ප්‍රකාශ කර ඇත. එමෙන්ම 24 වැනි චීන-යුරෝපා සංගම් නායකයින්ගේ රැස්වීම සඳහා ආර්ථික හා වෙළඳ ක්ෂේත්රයේ ද අවධානය යොමුව ඇති බව වාණිජ අමාත්‍යාංශ ප්‍රකාශක එහිදී සඳහන් කළේය.
More Stories
ප්‍රමාද වූ සියලු පාස්පෝට් මාසයක් ඇතුළත නිකුත් කිරීමට පියවර
චීනයේ ග්රාමීයව ජීවත් වන සාමාන්‍ය පුද්ගලයකුගේ වැය කළ හැකි ශේෂය 2024 වසරේ දී කැපී පෙනෙන වර්ධනයක
ගෝලීය කටයුතුවලදී ජර්මනිය සහ යුරෝපා සංගමය වැදගත් කාර්යභාරයක් ඉටු කිරීම, චීනයට සතුටක්– චීන විදේශ අමාත්‍යංශය