චීනය සහ APEC සංවිධාන සාමාජිකයන් අතර ආර්ථික හා වෙළඳ සහයෝගිතා ක්‍රමයෙන් ශක්තිමත් වෙමින් පවතී. එමෙන්ම ආසියා-පැසිෆික් ආර්ථිකයේ වර්ධනයට චීනය අඛණ්ඩව දායක වෙමින් සිටී.
2022 වසරේ චීනය සහ APEC සංවිධාන සාමාජිකයන් අතර ආනයන හා අපනයන නිමැවුම ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 3.7 ඉක්මවූ අතර, එය චීනයේ සමස්ත ආනයන හා අපනයන නිමැවුමෙන් 59.7% කි. චීනයේ විශාලතම වෙළඳ හවුල්කරුවන් දහය අතරට APEC සංවිධාන සාමාජිකයන් 8 ක් අයත් වීම ද විශේෂත්වයකි. එමෙන්ම චීනය APEC සංවිධාන සාමාජිකයන් 13 ක විශාලතම වෙළඳ හවුල්කරු බවට ද පත්ව ඇත.
මෑත වසරවල චීනය ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය ශක්තිමත් කරමින්, ආසියා-පැසිෆික් සහයෝගිතාවට එක්ව කලාපීය ආර්ථික ඒකාබද්ධතාවය සඳහා සක්‍රීය දායකත්වයක් ලබා දෙමින් සිටී. ආසියා-පැසිෆික් කලාපයේ සමෘද්ධිමත්භාවයට චීනය අඛණ්ඩව “චීනයේ ශක්තිය” ලබා දී ඇත.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි