චීනය හා ඉන්දියාව දේශසීමා මායිම් ගැටළුව සම්බන්ධයෙන් එකඟතාවකට එළඹ ඇතැයි චීනය පවසයි.
චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Lin Jian මහතා අද(22) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව පැවසීය.
මෑතකදී, චීනය හා ඉන්දියාව රාජ්‍යතාන්ත්‍රික සහ ආරක්ෂක අංශ ඔස්සේ දෙරටේ දේශසීමා මායිම් ගැටළුව සම්බන්ධයෙන් පුළුල් අයුරින් සාකච්ඡා කිරීමෙන් එකඟතාවකට එළඹ ඇති බව ඔහු සඳහන් කළේය. චීනය, ඉන්දියාව සමග එක්ව එය විධිමත් ව අනුගමනය කරනු ඇත. ඒ හා සම්බන්ධ සවිස්තර තොරතුරු චීනය නිසි කලට එළි දක්වනු ඇතැයි ද Lin Jian මහතා එහිදී ප්‍රකාශ කර ඇත.
More Stories
ජනපති චීන නිල සංචාරය අරඹමින් බෙයිජිං නුවරට ළඟා වෙයි
චීනයේ අන්‍යෝන්‍ය සම්බන්ධතාව සහ සන්නිවේදනය තුළින් අඛණ්ඩ ප්රතිලාභ
චීන මාධ්‍ය සමූහයේ වසන්ත උත්සව ප්‍රසංගයේ පළමු පෙරහුරුව පැවැත්වේ