චීනය හා සම්බන්ධ ඍණාත්මක වගන්ති ඇතුළත් “2024 මුල්‍ය වසරේ ජාතිකාරක්ෂක නීති පනත” ඇමරිකාව සම්මත කර ඇත.මේ සම්බන්ධයෙන් චීන ජාතික මහජන කොංග්‍රසයේ විදේශ කටයුතු කමිටුවේ ප්‍රකාශක Xu Dong මහතා අදහස් දැක්වීය.
චීනය හා සම්බන්ධ ඍණාත්මක වගන්ති සහිත එම නීති පනතෙන් තායිවාන ප්‍රශ්නයට අයුතු ලෙස මැදිහත්වීම මෙන්ම චීනය සමග උපායමාර්ගික තරඟයක් පැවැත්වීම දිරිමත් කර ඇති අතර චීනය තර්ජනයක් වන බව ප්‍රකාශ කර ඇත.එමගින් චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදහත්වී චීනයේ ස්වාධිපත්‍ය, සුරක්ෂිතභාවයට හා සංවර්ධන ජයග්රහණයන්ට දරුණු ලෙස හානි සිදු වන අතර මේ සම්බන්ධයෙන් චීනය ඇමරිකාවට දැඩි විරෝධය පළ කරන බව ද හෙතෙම පැවසීය.
සීතල යුධ මානසිකත්වය සහ මතවාදයට ඇති පක්ෂපාතීත්වය අත්හැර දමා අදාළ නීති පනතේ ඇති චීනය හා සම්බන්ධ සෘණාත්මක වගන්ති ක්‍රියාත්මක නොකරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටී. ඇමරිකාව චීනය සමග එක්ව සැබෑ ක්‍රියාවන් මගින් දෙරටේ නායකයන් San Francisco හමුවීමේදී ඇති කර ගත් එකඟතාවන් ක්‍රියාත්මක කළ යුතු බව ද Xu Dong මහතා එහිදී පෙන්වා දී ඇත.
More Stories
චීනයේ ෂෙන්චෞ 19 ගගනගාමීන් සහිත අභ්‍යවකාශ ගුවන් යානය සාර්ථක ව දියත් කෙරේ
චීන හා පින්ලන්ත ජනාධිපතිවරුන් අතර හමුවක්
චීන – පින්ලන්ත ජනපති ආර්යාවන් සුහද පිළිසඳරක