චීනය ෆෙන්ටැනයිල් ආශ්‍රිත ද්‍රව්‍ය සම්බන්ධ ධවල පත්‍රිකාව නිකුත් කරයි

චීනය ෆෙන්ටැනයිල් ආශ්‍රිත ද්‍රව්‍ය සම්බන්ධ ධවල පත්‍රිකාව නිකුත් කරයි. චීනයේ රාජ්‍ය මණ්ඩලයේ තොරතුරු කාර්යාලය අද (04) “ෆෙන්ටැනයිල් ආශ්‍රිත ද්‍රව්‍ය පාලනය – චීනයේ දායකත්වය” යන මැයෙන් මෙම ධවල පත්‍රිකාවක් නිකුත් කෙරිණ. එමගින් චීනයේ රසායනික ද්‍රව්‍ය සම්බන්ධ දැඩි පාලනය අවධාරණය කර තිබීම විශේෂත්වයකි.

ෆෙන්ටනයිල් ආශ්‍රිත ඖෂධ පාලනය සහ අධීක්ෂණයට චීනය මෑතකාලීනව වැඩි අවධානයක් යොමු කර ඇති අතර, එහි අනිසි භාවිතය වළක්වාලීමට ද කටයුතු කර ඇත. එමෙන්ම ඊට අදාළව සිදු කෙරෙන රසායනික ද්‍රව්‍ය ජාවාරම්, නිෂ්පාදනය සහ ප්‍රවාහනයට එරෙහිව චීනය දැඩි පියවර ගෙන ඇති අතර එමගින් සැලකිය යුතු ප්‍රතිඵල ලබා ඇත.

මෙම ලේඛනයෙන් ජාත්‍යන්තර ඖෂධ පාලන සහයෝගීතාව ප්‍රවර්ධනයට චීනයේ කැපවීම අවධාරණය කර තිබේ. ෆෙන්ටනයිල් සම්බන්ධ ගැටළු විසඳීම සඳහා ඇමරිකාව ඇතුළු අදාළ රටවල් සමග මනා සහයෝගීතාවයකින් චීනය කටයුතු කර ඇති බව ද ධවල පත්‍රිකාවේ සඳහන් ය. 

ෆෙන්ටැනයිල් ආශ්‍රිත දැඩි පාලන පියවර මෙන්ම ඒ සම්බන්ධව විමර්ශනය කෙරෙන සක්‍රිය ඩිජිටල් පද්ධතියක් ද ස්ථාපිත කිරීමට සමත් විය. එමෙන්ම මේ ආශ්‍රිත නව අභියෝගවලට ද චීනය සක්‍රිය ලෙස ප්‍රතිචාර දක්වනු ඇති එමගින් කියාසිටී.

පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් වෙනුවෙන් කැපවන බව අවධාරණය කරන ධවල පත්‍රිකාව චීනය ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය පාලන පියවර අනුගමනය කරමින් සමබර ප්‍රවේශයකින් කටයුතු කරන බව සඳහන් කර සිටී. නමුත් අනිසි මැදිහත්වීමවලට එරෙහි වනු ඇති බව ද පෙන්වා දී ඇත.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com