චීනය සිය නවතම චන්ද්‍රිකාව වන Shijian-25, සාර්ථකව ගුවන්ගත කරයි.
චීනයේ ෂිඡං චන්ද්‍රිකා ගුවන්ගත කිරීමේ මධ්‍යස්ථානයේ Long March 3B ප්‍රවාහක රොකට්ටුව ආධාරයෙන්, අද (7) අලුයම 04:00ට Shijian-25 චන්ද්‍රිකාව සාර්ථකව ගුවන්ගත කෙරිණ. චන්ද්‍රිකාව නියමිත පරිදි කක්ෂයට ඇතුළු වීමත් සමඟ එය අභ්‍යවකාශගත කිරීමේ මෙහෙයුම සම්පූර්ණයෙන් සාර්ථක වී ඇති බව දැනුම් දී තිබේ.
අභ්‍යවකාශ චන්ද්‍රිකා සඳහා ඉන්ධන නැවත පිරවීම සහ ඒවායේ ආයු කාලය දීර්ඝ කිරීමේ සේවා තාක්ෂණයන් සත්‍යාපනය කිරීම වෙනුවෙන් මෙම Shijian-25 චන්ද්‍රිකාව ප්‍රධාන වශයෙන් යොදා ගැනීමට නියමිතය.
මෙය Long March ප්‍රවාහක රොකට් යානාවන් හි 555 වන ගුවන් ගමන ය.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි