චීන අගමැති ලී ච්‍යං මහතා ඊයේ (16) උදෑසන ඩාවෝස් හිදී පැවැත්වෙන ලෝක ආර්ථික සංසදයේ 2024 වාර්ෂික සමුළුවට එක් වෙමින් දේශනයක් පැවැත්වීය.
චීනය තම පොරොන්දු ඉටු කරන රටක් බවත්, චීන වෙළඳපොල තොරා ගැනීම අවදානමක් නොව අවස්ථාවක් බවත් ලී ච්‍යං මහතා එහිදී පෙන්වා දුන්නේය.
මෑත වසරවල ලෝක සංවර්ධනයට චීනය වැදගත් එන්ජිමක් බව ද හෙතෙම අවධාරණය කළේය. චීනය උසස් තත්ත්වයේ සංවර්ධනය මගින් චීන ලක්ෂණවලින් යුත් නවීකරණය පුළුල් ලෙස ප්‍රවර්ධනය කරමින් සිටින අතර, චීන ආර්ථිකය දිගු කාලීනව සංවර්ධනය වීමේ සමස්ත ප්‍රවණතාව ස්ථිරය. විශාල වෙළඳපොලක් සහිත චීනයේ ඉල්ලුම වේගවත් මුදා හැරීමේ අදියරක පවතී. ලෝක වෙළඳාම හා ආයෝජන වර්ධනයට චීනය වඩා පුළුල් අවකාශයක් ලබා දෙන බව ලී ච්‍යං මහතා කීය. විවිධ සමාගම් චීනයේ ආයෝජනය කිරීමට සාදරයෙන් පිළි ගන්නා චීනය, වෙළඳපල හිතවාදී, නීතිමය සහ ජාත්‍යන්තර පළමු පෙළේ ව්‍යාපාරික පරිසරයක් ගොඩනගනු ඇතැයි ද ලී ච්‍යං මහතා පැවසීය.
එදිනම අයර්ලන්ත අගමැති Leo Varadkar මහතාගේ ආරාධනාවකට අනුව ලී ච්‍යං මහතා ඩබ්ලින් නුවරට ළඟා වී සිය අයර්ලන්ත නිල සංචාරය ආරම්භ කළේය.
More Stories
ප්‍රමාද වූ සියලු පාස්පෝට් මාසයක් ඇතුළත නිකුත් කිරීමට පියවර
චීනයේ ග්රාමීයව ජීවත් වන සාමාන්‍ය පුද්ගලයකුගේ වැය කළ හැකි ශේෂය 2024 වසරේ දී කැපී පෙනෙන වර්ධනයක
ගෝලීය කටයුතුවලදී ජර්මනිය සහ යුරෝපා සංගමය වැදගත් කාර්යභාරයක් ඉටු කිරීම, චීනයට සතුටක්– චීන විදේශ අමාත්‍යංශය