චීන අගමැති ලී ච්‍යං මහතා ප්‍රංශයේ නිල සංචාරයක නිරත වෙමින් නව ගෝලීය මූල්‍යකරණ එකඟතාවන් පිළිබඳ සමුළුවට එක් වෙයි.
ඊයේ (22) හවස චීන අගමැති ලී ච්‍යං මහතා පැරිස්හි එලිසි මාලිගයේදී ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් මහතා හමුවිය. චීන-ප්‍රංශ සහ චීන-යුරෝපා සහයෝගිතා තවදුරටත් ශක්තිමත් කළ යුතු බව ලී ච්‍යං මහතා එහිදී පෙන්වා දුන්නේය. චීන සමාගම් ප්‍රංශයේ ආයෝජනය කිරීම සම්බන්ධයෙන් චීන රජය සහය වන බවත්, චීනයේ සංවර්ධනය කිරීමේ අවස්ථා ප්‍රංශ සමාගම් සමඟ හුවමාරු කර ගැනීමට අපේක්ෂා කරන බවත් හෙතෙම පැවසීය. ජාත්‍යන්තර කටයුතුවලදී ප්‍රංශය සමඟ සන්නිවේදනය අඛණ්ඩව ශක්තිමත් කිරීමටත්, ජාත්‍යන්තර අභියෝගයන්ට එක්ව මුහුණ දෙමින් ලෝකයේ සාමය හා ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීමටත් චීනය කැමැත්තෙන් සිටින බව ද ලී ච්‍යං මහතා අවධාරණය කළේය.
දෙරට අතර පවතින සබඳතාවය ප්‍රංශය ඉතා වැදගත් කොට සලකන අතර, එකම චීනය මූලධර්මය අනුගමනය කරන බවත් එම්මානුවෙල් මැක්‍රොන් මහතා එහිදී පැවසීය. අභ්‍යවකාශය, න්‍යෂ්ටික බලශක්තිය සහ ආහාර ඇතුළු ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගීතා තවදුරටත් ශක්තිමත් කිරීමට ප්‍රංශය අපේක්ෂා කරයි. චීන සමාගම් ප්‍රංශයේ ආයෝජනය කිරීම සාදරයෙන් පිළිගනී. ජාත්‍යන්තර ප්‍රජාවේ සමගිය ප්‍රවර්ධනය කිරීම සඳහා, දෙරට ඵලදායී ලෙස බහුපාර්ශ්විකවාදයට අනුගත විය යුතු බව එම්මානුවෙල් මැක්‍රොන් මහතා එහිදී පෙන්වා දී ඇත.
චීන අගමැතිවරයා හා ප්‍රංශ ජනපති අතර හමුවක්

More Stories
චීන භූකම්පන විශේෂඥයින් ඇතුළු 400ක පමණ පිරිසක් මියන්මාරයේ සහන සැලසීමේ කටයුතුවල නිරතව සිටී- චීන විදේශ අමාත්‍යංශය
චීනය ජාත්‍යන්තර සමාගම්වල ආයෝජනයේ ප්‍රමුඛතම තේරීමක්
මියන්මාරයට සතියක ශෝක කාලයක්