චීන අගමැති 2024 චීන මිත්‍රත්ව සම්මානයෙන් පිදුම් ලැබූ විදේශ විශේෂඥයන් ‍වෙනුවෙන් සම්භාෂණයක් පවත්වයි

චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යන් මහතා 2024 චීන මිත්‍රත්ව සම්මානයෙන් පිදුම් ලැබූ  විදේශ විශේෂඥයන් හා චීනයේ සේවය කරන විදේශ විශේෂඥ නි‍යෝජිතයන් වෙනුවෙන් සම්භාෂණයක් පවත්වයි. බෙයිජිං නුවර මහජන මහ ශාලාවේ ඊයේ (26) පැවති මෙම සම්භාෂණයේ දී චීන අගමැතිවරයා විදේශ විශේෂඥයන් වෙත චීන නව වසරේ සුබ පැතුම් හා හෘදයාංගම සුභාශිංසන පිරිනැමීය.

චීන නවීකරණ උත්සාහයන් වෙනුවෙන් දිගු කාලීනව ඔවුන් දක්වන සැලකිල්ල හා සහයෝගයට ද චීන අගමැතිවරයා සිය ස්තුතිය පුද කළේය. චීන ප්‍රතිසංස්කරණ, සංවර්ධන හා රජයේ කටයුතු සම්බන්ධයෙන් එම පිරිස දැක්වූ අදහස්වලට ද ලී ච්‍යන් මහතා සවන් දුන්නේය. එක්සත් රාජධානිය, පෝලන්තය, මාලි රාජ්‍යය, රුමේනියාව, ජර්මනිය හා පාකිස්ථානය යන රටවල විශේෂඥයෝ විද්‍යා තාක්ෂණ නවෝත්පාදනය, ආර්ථික හා වෙළඳ සහයෝගතාව, මානව හා සංස්කෘතික හුවමාරු, ජගත් සංනිවේදනය හා නිපුණතා සංවර්ධනය වැනි තේමා යටතේ සිය අදහස් දැක්වූහ. චීන සංවර්ධන ජයග්‍රහණ වෙනුවෙන් විදේශ විශේෂඥයන් ගෙවුණු වසරේදී ධනාත්මක දායකත්වයන් දැක්වූ බව චීන අගමැතිවරයා එහිදී සඳහන් කළේය. චීනය තුළ ඔවුන්ගේ කාර්ය හා ජීවිත අත්දැකීම් චීනය හා ලෝකය අතර ධනාත්මක අන්තර් ක්‍රියාකාරීත්වය හා ගැඹුරු සබඳියාව පිළිබඳ උදාහරණයක් යැයි ද ලී ච්‍යන් මහතා පැවසීය. ලෝකයට සන්නිවේදනය අවශ්‍ය වන අතර ගෝලීයකරණ ක්‍රියාවලිය ආපසු හැරවිය නොහැක. චීනය ජාත්‍යන්තර සංවාදය ශක්තිමත් කිරීම සඳහා නිරතුරුව පෙනී සිටී. විවිධ ක්ෂේත්‍රවල ජාත්‍යන්තර හුවමාරු ක්‍රියාකාරීව ප්‍රවර්ධනය කරන චීනය විවෘතභාවය සහ සහභාගීත්ව හැකියාව  අඛණ්ඩව ප්‍රවර්ධනය කරන බවද චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යන් මහතා සඳහන් කළේය.

චීනය විද්‍යා හා තාක්ෂණ අංශයේ විවෘතභාවය අඛණ්ඩව පුළුල් කරනු ඇති අතර ගෝලීය තාක්ෂණ පාලනය වෙනුවෙන් ක්‍රියාකාරීව සහභාගීවනු ඇති බවද හෙතෙම පැවසීය. ලොව නිපුණතා සහිත පුද්ගලයන් වෙනුවෙන් චීනයේ දොරටු සැමවිටම විවෘත බවද චීන අගමැතිවරයා පැවසීය. චීන රජය අදාළ ප්‍රතිපත්ති තවදුරටත් ප්‍රශස්ත කරනු ඇති අතර, සේවා සහතකිකරණය ද ඉහළ නංවනු ඇත. වඩාත් වැඩි ජාත්‍යන්තර හුවමාරු හා සහයෝගතා වේදිකා ගොඩ නැංවීමට ද  පියවර ගැනෙනු ඇති අතර චීනයේ සේවය කරන විදේශ නිපුණතා පුද්ගලයන් වෙනුවෙන් වඩාත් හිතකර පරිසරයක් අඛණ්ඩව නිර්මාණය කරනු ඇතැයි ද චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යන් මහතා පැවසීය.

චීන උප අගමැති Ding Xuexiang මහතා ද එම  අවස්ථාවට එක්විය.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com