චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා ඊයේ (26) Tianjin හිදී ලෝක වෙළඳ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Ngozi Okonjo-Iweala මහත්මිය හමුවිය.
ලෝක වෙළඳ සංවිධානයෙහි සංවර්ධනය වෙමින් පවතින රටවල ප්‍රමුඛතම සාමාජිකයා ලෙස, චීනය සෑම විටම එම සංවිධානය සමග බහුපාර්ශ්වික වෙළඳ ක්‍රමයට ප්‍රධානත්වයක් ලබා දෙමින් කටයුතු කර ඇත. පසුගිය වසර 20 කට වැඩි කාලයක් කැපවීම් සිදු කරමින්, තමන්ගේම සංවර්ධන වැඩපිළිවෙළක් හරහා චීනය ලෝකයට ප්‍රතිලාභ ගෙන දුන් බව ද Li Qiang මහතා එහිදී පැවසීය.
චීනය සිය ආර්ථික සංවර්ධන මට්ටමට සහ එහි හැකියාවන්ට සරිලන පරිදි ලෝක වෙළඳ සංවිධානයේ වගකීම් සහ එකඟතාවයන් අනුගමනය කරමින්, සංවර්ධනය වෙමින් පවතින රටවල නීත්‍යානුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා ආරක්ෂා කරන බව ද හෙතෙම කියාසිටියේය.
එහිදී Okonjo-Iweala මහත්මිය පැවසුවේ, චීනය ලෝක වෙළඳ සංවිධානයට සම්බන්ධ වූ දා සිට, අඛණ්ඩව විවෘත කිරීම් ප්‍රවර්ධනය කිරීම, බහුපාර්ශ්වික වෙළඳ පද්ධතියට සහාය වීම සහ සංවර්ධනයේ කැපී පෙනෙන ජයග්‍රහණ ලබා ගැනීමට සමත් වූ බවයි.
ලෝක වෙළඳ සංවිධානයේ 12 වැනි අමාත්‍යවරුන්ගේ සමුළුවේ සාර්ථකත්වය සඳහා චීනයේ දායකත්වය වඩා වැදගත් වනු ඇත. එමෙන්ම චීනය සමඟ තවදුරටත් ශක්තිමත් හවුල්කාරිත්වයක් ගොඩනඟා ගැනීම සඳහා, ලෝක වෙළඳ සංවිධානයේ ප්‍රතිසංස්කරණය ප්‍රවර්ධනය කිරීමට සහ බහුපාර්ශ්වික වෙළඳ පද්ධතිය ආරක්ෂා කිරීමට නව දායකත්වයන් ලබා දීමට අපේක්ෂා කරන බව ද Okonjo-Iweala මහත්මිය අවධාරණය කර ඇත.
චීන අගමැති WTO අධ්‍යක්ෂ ජනරාල් හමුවෙයි

More Stories
චීන භූකම්පන විශේෂඥයින් ඇතුළු 400ක පමණ පිරිසක් මියන්මාරයේ සහන සැලසීමේ කටයුතුවල නිරතව සිටී- චීන විදේශ අමාත්‍යංශය
චීනය ජාත්‍යන්තර සමාගම්වල ආයෝජනයේ ප්‍රමුඛතම තේරීමක්
මියන්මාරයට සතියක ශෝක කාලයක්