ජී-20 නායකයන්ගේ 18වැනි සමුළුව අද (9) ඉන්දියාවේ නවදිල්ලි නුවරදී ආරම්භ විය. චීන අග්‍රාමාත්‍ය ලි ච්‍යං මහතා එම සමුළුවට එක් වෙමින් දේශනයක් සිදු කළේ ය. මානවයා පොදුවේ මුහුණ දී සිටින අර්බුද හා අභියෝග රැසක් හමුවේ ජී-20 කණ්ඩායමේ සියලු සාමාජිකයන් අසමගිය හා ගැටුම් වෙනුවට සමගිය හා සහයෝගිතාව පදනම් කරගෙන මානවයාගේ සංවර්ධනය හා සාමය වෙනුවෙන් වගකීම් දැරිය යුතු බව චීන අග්‍රාමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේ ය. ආර්ථික ගෝලීයකරණය හා ගෝලීය තිරසර සංවර්ධනය සඳහා ජී-20 කණ්ඩායමට විශාල කාර්යභාරයක් ඉටු කළ හැකි ය. එම කණ්ඩායමේ සාමාජිකයෙකු වශයෙන් චීනය සිය වගකීම් හා යුතුකම් මනා ලෙස ඉටු කරන බව ලි ච්‍යං අග්‍රාමාත්‍යවරයා කියාසිටියේය. චීනයට ඇත්තේ දීප්තිමත් අනාගතයකි. විවිධ පාර්ශ්වයන් සමග එක්ව මානවයාගේ අනාගතය වෙනුවෙන් වඩාත් උසස් කාර්යභාරයක් ඉටු කිරීමට චීනය බලාපොරොත්තු වන බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ ය.
චීන අග්‍රාමාත්‍යවරයා ජී-20 නායකයන්ගේ 18වැනි සමුළුව අමතයි

More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්