චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා අද(8) Jakarta හිදී ඉන්දුනීසියානු ජනාධිපති Joko Widodo මහතා සමග සාකච්ඡා පැවැත්වීය.
එහිදී Li Qiang මහතා පෙන්වා දුන්නේ, ඉන්දුනීසියාව සමග උපායමාර්ගික අන්‍යෝන්‍ය විශ්වාසය ශක්තිමත් කිරීමට සහ ප්‍රායෝගික සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමට චීනය කැමැත්තෙන් සිටින බවයි. චීනය ඉන්දුනීසියාව සමග, Jakarta-Bandung අධිවේගී දුම්රිය මාර්ගයේ විධිමත් මෙහෙයුම් සඳහා අවශ්‍ය සෑම උත්සාහයක්ම ගනු ඇත. එසේම “කලාපීය විස්තීර්ණ ආර්ථික කොරිඩෝව” සහ ” දෙරටේ ද්විත්ව උද්‍යාන”, “එක් තීරයක් එක් මාවතක්” යනාදිය දෙරටේ සහයෝගීතාවයේ නව ප්‍රමුඛ ව්‍යාපෘති බවට පත් කරන අතර, එමගින් බහුපාර්ශ්වික ක්ෂේත්‍රවල සහයෝගීතාව තීව්‍ර කරනු ඇති බව ද, Li Qiang මහතා සඳහන් කළේ ය.
Joko Widodo මහතා එහිදී පෙන්වා දුන්නේ, ඉන්දුනීසියාව එකම චීනය යන මූලධර්මයට අනුගත වන බවයි. වෙළඳාම, ආයෝජන, කෘෂිකර්මාන්තය,ධීවර කර්මාන්තය, යටිතල පහසුකම් සහ නව බලශක්ති ඇතුළු අනෙකුත් ක්ෂේත්‍රවල චීනය සමග පවතින සහයෝගීතාව ශක්තිමත් කිරීමට ඉන්දුනීසියාව කැමැත්තෙන් සිටී. එමෙන්ම කලාපීය සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම මෙන්ම, කලාපීය සාමය, ස්ථාවරත්වය සහ සමෘද්ධිය ඒකාබද්ධව පවත්වාගෙන යාම සඳහා ඉන්දුනීසියාව චීනය සමග අඛණ්ඩව කටයුතු කරනු ඇති බව, Joko Widodo මහතා සඳහන් කර ඇත.
More Stories
ප්‍රමාද වූ සියලු පාස්පෝට් මාසයක් ඇතුළත නිකුත් කිරීමට පියවර
චීනයේ ග්රාමීයව ජීවත් වන සාමාන්‍ය පුද්ගලයකුගේ වැය කළ හැකි ශේෂය 2024 වසරේ දී කැපී පෙනෙන වර්ධනයක
ගෝලීය කටයුතුවලදී ජර්මනිය සහ යුරෝපා සංගමය වැදගත් කාර්යභාරයක් ඉටු කිරීම, චීනයට සතුටක්– චීන විදේශ අමාත්‍යංශය