චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා හා ඇමරිකා වාණිජ ලේකම් Gina Raimondo මහත්මිය ඊයේ(30) බෙයිජිංහි මහජන මහා ශාලාවේදී හමු වූහ. දෙරටේ නායකයන් බාලි දූපතේදී එකඟවූ න්‍යාය පත්‍රයට යළි එක්වන බවට ඇමරිකාව මෑතකදී බොහෝ වතාවක් ප්‍රකාශ කිරීම චීනය පිළි ගන්නා බවලී ච්‍යං මහතා එහිදී පැවසීය. ආර්ථික හා වෙළඳ ප්රශ්නය දේශපාලනීකරණය කිරීම හා ආරක්ෂාකරණය කිරීම මගින් දෙරටේ සබඳතාව හා අන්‍යෝන්‍ය විශ්වාසයට බරපතල බලපෑම් සිදු වනවා පමණක් නොව දෙරටේ ව්‍යවසායන් හා ජනතාවගේ ප්රතිලාභ වලට හානි සිදු වන අතර ගෝලීය ආර්ථිකයට ද විනාශකාරී බලපෑම එල්ල කරන බව හෙතෙම පෙන්වා දුන්නේය. චීනය විශාලතම සංවර්ධනය වෙමින් පවතින රටක් වන අතර ඇමරිකාව විශාලතම සංවර්ධිත රටය. දෙපාර්ශ්වය අන්‍යෝන්‍ය ප්‍රතිලාභී සහයෝගිතා ශක්තිමත් කරමින් අන්‍යෝන්‍ය ගැටීම් වැළැක්විය යුතු ය. එමගින් ගෝලීය ආර්ථික පුනරුත්ථාපනය ප්‍රවර්ධනය කළ හැකි බව ලී ච්‍යං මහතා අවධාරණය කළේය.
චීන ආර්ථික වර්ධනය හා ජන ජීවිතය දියුණුකිරීමට අනුබල දෙමින් චීන වර්ධනය මර්දනය කිරීම හා චීනය හුදෙකලා කිරීමට බයිඩන් රජය උත්සාහ නොකරන බව ඇමරිකා වාණිජ ලේකම් Gina Raimondo මහත්මිය එම හමුවේදී පැවසුවාය. චීනය සමග සංවාද පැවැත්වීම, දෙරටේ සාමාන්‍ය ආර්ථික හා වෙළඳ සබඳතාව ආරක්ෂා කිරීම හා දෙරටේ සබඳතාව ස්ථීර ලෙස වර්ධනය කිරීමට ඇමරිකාව කැමැත්තෙන් සිටී. එමෙන්ම චීනය සමග කෘත්‍රිම බුද්ධිය, දේශගුණ විපර්යාසය ඇතුළු ක්ෂේත්‍ර වල සහයෝගිතා ශක්තිමත් කිරීමට ඇමරිකාව කැමැත්ත දක්වන බව ඇය පෙන්වා දුන්නාය.
More Stories
සමාගම් ක්‍රියාත්මක කිරීම හා මිළදී ගැනීම් සම්බන්ධයෙන් වෙළඳපල මූලධර්ම මත පදනම්ව ක්‍රියා කළ යුතු බව චීනය පවසයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල චීන ආර්ථිකය පිළිබඳ සුබවාදී අපේක්ෂා පළ කරයි
චීනයේ විවිධ ප්‍රජාතාන්ත්‍රික පක්ෂ ඇතුළු නියෝජිතයන් සමග චීන ජනපති වසන්ත උත්සවය පිළිගැනීමේ අවස්ථාවකට එක්වෙයි