චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා ඉන්දුනීසියාවේ Jakarta අගනුවර අද(7)පැවැත්වෙන 18 වැනි නැගෙනහිර ආසියානු නායක සමුළුවට එක් විය.
නව ප්රවණතාවන්ට සහ නව අභියෝගවලට මුහුණ දීමේදී, නැගෙනහිර ආසියානු නායක සමුළුව තමන්ගේම ස්ථාවරයේ අඛණ්ඩව රැඳී සිටිය යුතු බවත්, කලාපයේ දිගුකාලීන ස්ථාවරත්වය සහ සමෘද්ධිය සාක්ෂාත් කර ගැනීමට වැඩි දායකත්වයක් ලබා දිය යුතු බවත්, Li Qiang මහතා එහිදී සඳහන් කළේ ය.
චීනය සහ ආසියාන් රටවල් “දකුණු චීන මුහුදේ චර්යාධර්ම සංග්‍රහය” පිළිබඳ උපදේශන ක්‍රියාකාරීව ප්‍රවර්ධනය කරමින් සිටිති. එමෙන්ම කලාපයෙන් පිටත රටවල් ද ධනාත්මක සහ ඵලදායී කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. සාගර දූෂණය දිගුකාලීන බලපෑම් ඇති කරන බවත්, ඉතිහාසයට සහ මානව වර්ගයාට වගකියන ආකල්පයකින් සාගර පරිසරය ආරක්ෂා කළ යුතු බවත්, Li Qiang මහතා එහිදී අවධාරණය කර ඇත.
More Stories
ප්‍රමාද වූ සියලු පාස්පෝට් මාසයක් ඇතුළත නිකුත් කිරීමට පියවර
චීනයේ ග්රාමීයව ජීවත් වන සාමාන්‍ය පුද්ගලයකුගේ වැය කළ හැකි ශේෂය 2024 වසරේ දී කැපී පෙනෙන වර්ධනයක
ගෝලීය කටයුතුවලදී ජර්මනිය සහ යුරෝපා සංගමය වැදගත් කාර්යභාරයක් ඉටු කිරීම, චීනයට සතුටක්– චීන විදේශ අමාත්‍යංශය