චීන-ආසියාන් (ASEAN) නිදහස් වෙළඳ කලාපයේ 3.0 අනුවාදය සඳහා වන සාකච්ඡා කඩිනමින් අවසන් කිරීමට අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය (ASEAN) සමඟ එක්ව කටයුතු කිරීමට චීනය බලාපොරොත්තු වේ. චීන වාණිජ නියෝජ්‍ය අමාත්‍ය Wang Shouwen මහතා ඊයේ(31) Hangzhou Zhejiang පළාතේ පැවති පස්වන සාකච්ඡා වටයේ සමාරම්භක උත්සවයේදී මේ බව ප්‍රකාශ කළේය.
දැනට ක්‍රියාත්මක චීන-ආසියාන් නිදහස් වෙළඳ ගිවිසුම සහ කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වය (RCEP) මත පදනම්ව වෙළඳාම සහ ආයෝජන ලිහිල් කිරීම තවදුරටත් වැඩිදියුණු කිරීම චීනයේ අපේක්ෂාව බව Wang Hangzhou මහතා එහිදී පැවසීය.
අතරමැදි භාණ්ඩ වෙළඳාම, ඩිජිටල් වෙළඳාම සහ දේශසීමා අතර ඊ-වාණිජ්‍යය වැනි වර්ධනය වන ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික ප්‍රායෝගික සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ද හෙතෙම කියාසිටියේය.
දෙපාර්ශ්වයේම නිලධාරීන් 400කට ආසන්න පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡා වටය පසුගිය ජනවාරි 29 වැනිදා ආරම්භ වූ අතර පෙබරවාරි 2 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
More Stories
ජර්මන් මැතිවරණයේ ජයග්‍රහණය විපක්ෂ සන්ධානයට
14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 14 වැනි සැසිවාරය පැවැත්වේ
චීනය සමග පවත්නා ද්විපාර්ශ්වික ආයෝජන ඇමරිකාව සීමා කිරීමෙන් සිය ප්‍රතිලාභයට හානි වේ