චීන ජනාධිපති ෂී ජින්පිං මහතා නිල සංචාරයක් සඳහා චීනයට පැමිණ සිටින ඇන්ගෝලානු ජනාධිපති João Lourenço මහතා සමග සාකච්ඡා පවත්වයි.
එම සාකච්ඡාව අද(15) පස්වරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේ පැවැත්විණ.
චීනය හා ඇන්ගෝලාව අතර සාම්ප්‍රදායික මිත්‍රත්වයක් පවතින අතර පසුගිය වසරේ දෙරටේ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවය පිහිටුවීමේ 40වැනි සංවත්සරය සැමරූ බව එහිදී ෂී ජින්පිං මහතා සඳහන් කළේය. මේ වනවිට ද්විපාර්ශ්වික සම්බන්ධතා මනා වර්ධන ප්‍රවණතාවයක් ද පෙන්නුම් කරයි. දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය තහවුරු වෙමින් පවතින අතර, ප්‍රායෝගික සහයෝගිතාවල ප්‍රතිඵල දෙරටේම ජනතාවට යහපත් ප්‍රතිලාභ ගෙන දී ඇත. João Lourenço ජනාධිපතිවරයාගේ මෙවර චීන සංචාරය චීන-ඇන්ගෝලා සම්බන්ධතාවයට නව ශක්තියක් එක් කරන අතර මිත්‍රශීලි සහයෝගිතාව ඔස්සේ නව ප්‍රගතියක් ලබා ගැනීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඔහු ප්‍රකාශ කර ඇත.
More Stories
ජර්මන් මැතිවරණයේ ජයග්‍රහණය විපක්ෂ සන්ධානයට
14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 14 වැනි සැසිවාරය පැවැත්වේ
චීනය සමග පවත්නා ද්විපාර්ශ්වික ආයෝජන ඇමරිකාව සීමා කිරීමෙන් සිය ප්‍රතිලාභයට හානි වේ