චීන-ඇමරිකානු ආර්ථික ක්‍රියාකාරී කණ්ඩායමේ තුන්වැනි රැස්වීම බෙයිජිං හි දී පැවැත්වේ.
චීන මුදල් අමාත්‍ය Lan Fo’an මහතා හා ඇමරිකා උප මුදල් ලේකම් Jay Shambaugh මහතාගේ ප්‍රධානත්වයෙන් එය ඉකුත් 5 වැනිදා හා 6 වැනිදා පැවැත්විණ.
චීන-ඇමරිකානු ජනාධිපතිවරුන් සැන් ෆ්රැන්සිස්කෝ හමුවේ දී එළඹුණු වැදගත් එකඟතා තුනට අනුව, දෙපාර්ශ්වය එම රැස්වීමේදී දෙරටේ සාර්ව ආර්ථික තත්ත්වයන් හා අදාළ ප්‍රතිපත්ති, G20 මූල්‍ය සහයෝගීතාව, සංවර්ධනය වෙමින් පවතින රටවල ණය, කාර්මික ප්‍රතිපත්ති යනාදිය පිළිබඳව ගැඹුරු හා අවංක ලෙස අදහස් හුවමාරු කර ගෙන ඇත.
චීනය වෙත තීරුබදු වැඩි කිරීම, ද්වි-මාර්ග ආයෝජන සීමා කිරීම සහ චීන සමාගම්වලට සම්බාධක ඇති කිරීම පිළිබඳ චීනයේ අවධානය පිළිබඳව එහිදී සාකච්ඡා කෙරිණ. ද්විපාර්ශ්වික සන්නිවේදනය අඛණ්ඩව පවත්වා යෑම පිළිබඳව මෙහිදී දෙපාර්ශ්වය එකඟතාවකට පත් වූ බව ද වාර්තා වෙයි.
More Stories
ජර්මන් මැතිවරණයේ ජයග්‍රහණය විපක්ෂ සන්ධානයට
14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 14 වැනි සැසිවාරය පැවැත්වේ
චීනය සමග පවත්නා ද්විපාර්ශ්වික ආයෝජන ඇමරිකාව සීමා කිරීමෙන් සිය ප්‍රතිලාභයට හානි වේ