චීන-ඇමරිකානු ප්‍රදේශ හා ජනතාව අතර හුවමාරු යළි පණගැන්වීම තුළින්, දෙරට අතර මිත්‍රශීලී සහයෝගීතාව සඳහා වන ජනතා අභිලාෂය මනාව පිළිබිඹු වන බව චීනය පවසයි.
චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Wang Wenbin මහතාමාධ්‍ය හමුවක දී මේ බව පැවසීය.
5 වැනි චීන-ඇමරිකානු මිත්‍ර නගර සමුළුව පසුගිය 3 වැනිදා චීනයේ Jiangsu පළාතේ Suzhou නගරයේ පැවැත්විණ. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එම සමුළුවට සුබ පැතුම් පිරිනැමීය.
Wang Wenbin මහතා මේ සම්බන්ධයෙන් ද අදහස් දැක්වීය. චීනය සහ ඇමරිකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමත් සමඟ මිත්‍ර නගර සහයෝගීතාව උපත ලැබීය. 1979 දී පළමු මිත්‍ර-නගර සබඳතා ද්විත්වය පිහිටුවීමෙන් පසු, චීනය සහ ඇමරිකාව මිත්‍ර පළාත්, ප්‍රාන්ත සහ මිත්‍ර නගර යුගල 284 ක් ස්ථාපිත කර ඇත. චීනයේ පළාත් සහ නගර 10 කට වැඩි ප්‍රමාණයක නියෝජිතයන් සහ ඇමරිකාවේ ප්‍රාන්ත 22 ක පිහිටි නගර 20 කට ආසන්න සංඛ්‍යාවක නගරාධිපතිවරුන් ඇතුළු 200 ක පමණ පිරිසක් මෙම සමුළුවට සහ අදාළ ක්‍රියාකාරකම්වලට සහභාගි වූහ. දෙරටේ නියෝජිතවරුන් එහිදී තම අත්දැකීම් පුළුල් ලෙස බෙදාගනිමින්, ධනාත්මක ප්‍රතිඵල අත්කර ගැනීම විශේෂත්වයකි.
More Stories
ජනපති චීන නිල සංචාරය අරඹමින් බෙයිජිං නුවරට ළඟා වෙයි
චීනයේ අන්‍යෝන්‍ය සම්බන්ධතාව සහ සන්නිවේදනය තුළින් අඛණ්ඩ ප්රතිලාභ
චීන මාධ්‍ය සමූහයේ වසන්ත උත්සව ප්‍රසංගයේ පළමු පෙරහුරුව පැවැත්වේ