චීන-ඇමරිකා සබඳතාවේ ජයග්‍රහණ දෙරටේ ජනතාවගේ සාමූහික ප්රයත්නයන්හි ප්‍රතිඵල වන බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගිය 04 වැනිදා ඇමරිකාවේ අයෝවා ප්‍රාන්තයේ ඔහුගේ මිතුරියක වන Sarah Lande ගේ ලිපියකට පිළිතුරු යොමු කරමිනි.
චීනය විශාලතම සංවර්ධනය වෙමින් පවතින රට සහ ඇමරිකාව ලෝකයේ විශාලතම සංවර්ධිත රට බව සඳහන් කළ ෂී ජින්පිං මහතා, ලෝකයේ අනාගතය සඳහා චීන-ඇමරිකා සබඳතාවේ ස්ථාවරත්වය සහ වැඩිදියුණු කිරීම අවශ්‍ය බව පැවසීය.
ද්විපාර්ශ්වික සබඳතාවල ස්ථාවර, යහපත් සහ තිරසාර සංවර්ධනයක් සඳහා උත්තේජනය කිරීමට ඇමරිකාව සමඟ කටයුතු කිරීමට චීනය සූදානම් බව ද ෂී ජින් පිං මහතා පැවසීය.
More Stories
ෂී ජින් පිං සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර දුරකථන සංවාදයක්
චීන හමුදා ජ්‍යෙෂ්ඨයන්ට චීන ජනපතිගෙන් වසන්ත උත්සවයට සුබ පැතුම්
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්