චීන-ඇමරිකා රාජ්‍යතාන්ත්‍රික සබඳතාව පිහිටුවීමේ 45 වැනි සංවත්සරය සැමරීම සඳහා ඇමරිකා-චීන වෙළඳ කවුන්සිලය පසුගිය 7 වැනිදා ශැංහයි නගරයේදී රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්විය. එම අවස්ථාවේදී ඇමරිකාවේ චීන තානාපති Xie Feng මහතා වීඩියෝ තාක්ෂණයෙන් දේශනයක් පැවැත්වීය.
චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ අන්‍යෝන්‍ය ගෞරවය, සාමකාමී සහජීවනය සහ ජයග්‍රාහී සහයෝගීතාවය යන මූලධර්ම තුන, චීන-ඇමරිකා සබඳතා සංවර්ධනයේ පුළුල් අත්දැකීම්වල සාරාංශයක් වන අතර, එය නව යුගයේ දෙරට සබඳතාවේ නිවැරදි මාර්ගය බව Xie Feng මහතා එහිදී පැවසීය. දෙරට එකිනෙකාගේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාවය, සංවර්ධන මාවත, සංවර්ධන අයිතීන්ට මෙන්ම මූලික සහ ප්‍රධාන අවශ්‍යතාවලට ගරු කළ යුතු බව ඔහු එහිදී පෙන්වා දුන්නේය. තායිවාන ප්‍රශ්නය දෙරට සබඳතාවේ පළමු ජයගත නොහැකි රතු රේඛාව බවත්, එකම චීනය මූලධර්මය සහ චීන-ඇමරිකා ඒකාබද්ධ ප්‍රකාශ තුන ස්ථීර ලෙස අනුගමනය කළ යුතු බවත් ඔහු අවධාරණය කර ඇත.
ඇමරිකානු සමාගම් වැඩි වශයෙන් චීනයේ ආයෝජනය කිරීමට පැමිණීම සාදරයෙන් පිළිගන්නා බව Xie Feng මහතා කියා සිටියේය. දේශගුණික විපර්යාස සහ කෘත්‍රිම බුද්ධිය ඇතුළු ගෝලීය වැදගත් ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සංවාදය හා සහයෝගය ශක්තිමත් කිරීමෙන් දෙරටට මෙන්ම සමස්ත ලෝකයටම ප්‍රතිලාභ ගෙන දීමට අපේක්ෂා කරන බව ඔහු එහිදී ප්‍රකාශ කර ඇත.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි