ප්‍රායෝගික ක්‍රියාවෙන් දෙරටේ සබඳතාව යළි නිවැරදි මාර්ගයේ ගමන් කිරීම ඇමරිකාව ප්‍රවර්ධනය කරන බවට චීනය බලාපොරොත්තු පළ කරයි.
ඇමරිකා චීන සබඳතාව ඉක්මනින් යහපත් වනු ඇතැයි ඇමරිකානු ජනාධිපති Joe Biden මහතා මෑතකදී ප්‍රකාශ කළේය. චීනය වෙත ඇමරිකාවේ අවබෝධය නිවැරදි කරමින් චීන අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් වීම නතර කළ යුතු බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය පැවසුවාය. චීනයේ ස්වෛරී ආරක්ෂාව සහ සංවර්ධන ලාභ වලට හානි කිරීම නතර කරන ලෙස ද චීනය සමග සමාන ඉලක්කය වෙත ගමන් කරන ලෙස ද චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටී.
චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඉදිරිපත් කරන අන්‍යෝන්‍ය ලෙස ගරු කිරීම, සාමකාමී සහජීවනය හා සහයෝගිතාවෙන් පොදු ජයග්‍රහණය යන මූලධර්මය අඛණ්ඩව අනුගමණය කරමින් චීනය දෙරටේ සබඳතාව වර්ධනය කරන බව Mao Ning මහත්මිය කීවාය.
චීන-ඇමරිකා සබඳතා ශක්තිමත් කිරීමට ඇමරිකාව ක්‍රියා කරනු ඇතැයි චීනය අපේක්ෂා කරයි

More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි