චීන – ඇමරිකා සබඳතා ඔස්සේ තහවුරු වන පුළුල් අවබෝධය චීන විදේශ අමාත්‍ය වං යී මහතා විග්රහ කරයි. එම ද්විපාර්ශ්වික සබඳතාවන් හි ස්ථාවර පදනම වන්නේ සාමය බව ද ඔහු අවධාරණය කරයි.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා මේ අදහස් පළ කළේ, චීනය සහ ඇමරිකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 45 වැනි සංවත්සරය නිමිත්තෙන් බෙයිජිං අගනුවර පැවති උත්සවයකට එක්වෙමිනි.
චීන – ඇමරිකා සබඳතා කලක් තිස්සේ විවිධ විපර්යාසයන්ට ලක් ව තිබේ. ඒවායින් වැදගත් පාඩම් රැසක් ද මේ වනවිට පැහැදිලි වී ඇත. එනම්, ලොව ප්‍රධාන රටවල් දෙක අතර කිසිදු ගැටුමක් හෝ අර්බුදයක් නොපැවතීම සමස්ත මනුෂ්‍ය වර්ගයාටම සාමයේ ලාභාංශය තිළිණ කරන බව යි.
සැන් ෆ්රැන්සිස්කෝ නුවර දී රාජ්‍ය නායකයන් දෙදෙනා එළඹුණු එකඟතා ක්‍රියාත්මක කිරීම පිළිබඳ යෝජනා කිහිපයක් ද විදේශ ඇමතිවරයා මෙහිදී ඉදිරිපත් කළේය.
ආධිපත්‍යය හඹා යාම හෝ කිසිවෙකු අභිභවා යාමේ කිසිදු අදහසක් චීනයට නොමැති බව ද හෙතෙම අවධාරණය කළේය. අන්‍යෝන්‍ය ගෞරවය මත පදනම් වූ ස්ථාවර, ශක්තිමත් මෙන්ම තිරසර චීන-ඇමරිකා සබඳතාවක් ගොඩනැගීමට චීනය කැපවී සිටින බව ද වං යී මහතා පැවසීය.
More Stories
ෂී ජින් පිං සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර දුරකථන සංවාදයක්
චීන හමුදා ජ්‍යෙෂ්ඨයන්ට චීන ජනපතිගෙන් වසන්ත උත්සවයට සුබ පැතුම්
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්