චීන-ඇමරිකා සමුද්‍රීය සහ ගුවන් ආරක්ෂක ගැටළුවලට මූලික හේතුව ඇමරිකාවේ ප්රකෝපකාරී ක්‍රියා බව චීනය පවසනවා.
පසුගියදා පැවති 17 වන චීන-ඇමරිකා ජාතික ආරක්ෂක අමාත්‍යංශ ක්‍රියාකාරී රැස්වීමේදී චීනය අවධාරණය කළේ ඇමරිකාව සිය භට පිරිස් දැඩි ලෙස පාලනය කළ යුතු බවයි. කෙසේ වෙතත්, ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය නොකරන බව ඇමරිකාව එහිදී ප්‍රකාශ කළා. ඒ පිළිබඳව චීන ජාතික ආරක්ෂක අමාත්‍යංශ ප්‍රකාශක Wu Qian මහතා අදහස් දක්වමින් කියාසිටියේ මෙම ගැටළුවලට මූලික හේතුව ඇමරිකාවේ යුධ නැව් සහ ගුවන් යානා චීනය ආසන්නයට අනවසරයෙන් පැමිණීම බවයි.
ඇමරිකාව ජාත්‍යන්තර නීතිය අනිසි ලෙස භාවිත කිරීම නැවැත්විය යුතු බවත් සියලු ප්රකෝපකාරී ක්‍රියා නතර කර සිය භට පිරිස්වල ක්‍රියාකාරකම් දැඩි ලෙස පාලනය කළ යුතු බවත් චීනය ප්‍රකාශ කරනවා. එය අදාළ සමුද්‍රීය සහ ගුවන් අනතුරු වළක්වා ගැනීමේ මූලික උපායමාර්ගය බව ද චීනය එහිදී අවධාරණය කර තිබෙනවා
චීන-ඇමරිකා සමුද්‍රීය සහ ගුවන් ආරක්ෂක ගැටළු සම්බන්ධයෙන් ඇමරිකාවට චීනයෙන් චෝදනා

More Stories
ජර්මන් මැතිවරණයේ ජයග්‍රහණය විපක්ෂ සන්ධානයට
14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 14 වැනි සැසිවාරය පැවැත්වේ
චීනය සමග පවත්නා ද්විපාර්ශ්වික ආයෝජන ඇමරිකාව සීමා කිරීමෙන් සිය ප්‍රතිලාභයට හානි වේ