චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා සමඟ වීඩියෝ සාකච්ඡාවක් පවත්වයි. චීන ජනපතිවරයා අද පෙරවරුවේ බෙයිජිං නුවර සිට ඊට එක්විය.
ලෝකයේ විශාලතම ආර්ථිකයන් දෙක සහ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථීර සාමාජිකයන් ලෙස, චීනය සහ ඇමරිකාව සන්නිවේදනය සහ සහයෝගීතාව ශක්තිමත් කරමින් දේශීය කටයුතු යහපත්ව හැසිරවීම පමණක් නොව, අදාළ ජාත්‍යන්තර වගකීම් ද භාර ගත යුතු බව ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය.
දෙරටේ සංවර්ධනය නැංවීමට මෙන්ම, සාමකාමී සහ ස්ථාවර ජාත්‍යන්තර පරිසරයක් පවත්වා ගැනීම සඳහා ශක්තිමත් සහ ස්ථාවර චීන-ඇමරිකා සබඳතාවක් අවශ්‍ය වන බව හෙතෙම අවධාරණය කළේය. චීනය සහ ඇමරිකාව එකිනෙකාට ගරු කළ යුතුය. සාමකාමීව සහජීවනයෙන් පොදු ජයග්‍රහණ උදෙසා සහයෝගයෙන් කටයුතු කළ යුතුය. ජෝ බයිඩන් මහතා සමඟ චීන-ඇමරිකා සබඳතාවන්හි ධනාත්මක වර්ධනයට නායකත්වය දීමට කැමැත්තෙන් සිටින බව ද චීන ජනාධිපතිවරයා කියා සිටියේය.
ඇමරිකානු හා චීන දෙරට අතර පවතින තරගය ගැටුම්කාරී තත්ත්වයකට පත් නොවීම සහතික කිරීමේ වගකීම දෙරටේ නායකයන්ට තිබෙන බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා එහිදී පැවසීය. ඇමරිකාව හා චීනය දෙරට අතර එකඟතාවන් පවත්වා ගෙන මතභේද පැහැදිලි හා අවංකව සලකමින් දේශගුණික විපර්යාස ඇතුළු වැදගත් ගෝලී ගැටළු හා පොදු අවශ්‍යතා සම්බන්ධ ක්ෂේත්රවල එකට කටයුතු කළ යුතු බව ද ජෝ බයිඩන් මහතා සඳහන් කළේය.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි