චීන-ඉන්දියානු රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 75 වන සංවත්සරය අදයි

අද(1) දිනට චීනය සහ ඉන්දියාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 75 වන සංවත්සරය යෙදී තිබේ. චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Guo Jiakun මහතා අද පැවති මාධ්‍ය හමුවේදී පෙන්වා දුන්නේ, චීන-ඉන්දියානු සබඳතාවල සංවර්ධන ඉතිහාසය මගින් පෙන්නුම් කරනුයේ අන්‍යෝන්‍ය ජයග්‍රහණයේ හවුල්කරුවෙකු වීම දෙපාර්ශ්වයටම නිවැරදි තේරීමක් වී ඇති බවයි. මෙය සම්පූර්ණයෙන්ම රටවල් දෙකේම සහ දෙරට ජනතාවගේ මූලික අවශ්‍යතාවන්ට ද ගැළපෙන බව ඔහු පැවසීය.

චීනය සහ ඉන්දියාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 75 වන සංවත්සරය වෙනුවෙන්, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හා ඉන්දියානු ජනාධිපතිනි Droupadi Murmu මහත්මිය, චීන අගමැති ලී ච්‍යං මහතා සහ ඉන්දියානු අගමැති Narendra Modi මහතා, වෙන් වෙන් ව එකිනෙකාට සුබ පැතුම් පණිවිඩ යොමු කළහ.

චීනය හා ඉන්දියාව පුරාණ ශිෂ්ටාචාරයන් සහිත රටවල්, ප්‍රධාන සංවර්ධනය වෙමින් පවතින රටවල් සහ “ගෝලීය දකුණේ රාජ්‍යයන්” හි වැදගත් සාමාජිකයන් වන බව, Guo Jiakun මහතා පැවසීය. දෙරට නායකයන්ගේ මූලෝපායික නායකත්වය යටතේ, චීනය සහ ඉන්දියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 75 වන සංවත්සරය අවස්ථාවක් ලෙස ගෙන, දෙරට අතර සබඳතා ස්ථාවර ලෙස ප්‍රවර්ධනය කිරීමට, චීනය කැමැත්තෙන් සිටින බව හෙතෙම එහිදී සඳහන් කර ඇත.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com