එම හමුව 16වැනිදා Bali දූපතේ දී සිදුවිය. චීන ජනාධිපති ආර්යා Peng Liyuan මහත්මිය හා ඉන්දුනීසියානු ජනාධිපති ආර්යා Iriana Joko Widodo මහත්මිය ඉන්දුනීසියානු සංස්කෘතික හා කලා අත්කම් ප්‍රදර්ශනය නැරඹූහ.
Iriana Joko Widodo මහත්මිය පොදු සුබසාධන ක්‍රියාකාරකම් කෙරෙහි දක්වන උනන්දුව පිළිබඳව ප්‍රශංසාව පළ කළ Peng Liyuan මහත්මිය, ක්ෂය රෝගය හා ඒඩ්ස් රෝගයට ප්‍රතිකාර කිරීම සහ වැළැක්වීම සඳහා චීනය ක්‍රියාවට නංවන ප්‍රතිපත්ති අත් කරගත් ප්‍රතිඵල විග්‍රහ කළාය.
දෙරට හුවමාරු ශක්තිමත් කරමින් ජන ජීවිතය හා සුබසෙත වර්ධනය කරන බව ද චීන ජනාධිපති ආර්යාව පැවසුවාය.
එමෙන්ම එහිදී Udayana විශ්වවිද්‍යාලයේ සංචාරක කොන්ෆියුසියස් ආයතනයේ සිසු සිසුවියෝ චීන භාෂාවෙන් ප්‍රතිනිර්මාණය කෙරුණු ඉන්දුනීසියානු ගීතයක් ගායනා කළහ. චීන භාෂාව හදාරන ඉන්දුනීසියානු තරුණයන් දිරිගැන්වීම සඳහා ඔවුන්ට චීන සංචාරයක් සඳහා අවස්ථාව ලබාදිය යුතු බව ද Peng Liyuan මහත්මිය යෝජනා කළාය.
චීනය පිළිබඳ මනා අවබෝධයකින් යුතු ඉන්දුනීසියානු තරුණයන් දෙරට සහයෝගයේ දූතයන් බවට පත්වනු ඇතැයි ද චීන ජනපති ආර්යාව බලාපොරොත්තු පළ කළාය.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි