චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ආර්යාව වන Peng Liyuan මහත්මිය ඉන්දුනීසියානු ජනාධිපති ආර්යා Iriana Joko Widodo මහත්මිය හමුවෙයි. හමුව නිරිතදිග චීනයේ සිචුවාන් පළාතේ Chengdu අගනුවර දී 27වනදා පැවැත්විණ.
එහි දී ඇරඹෙන 31 වැනි ලෝක විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ සමාරම්භක උළෙලට ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ මහතා සමඟ එම ආර්යාව ද එක්වීමට නියමිතයි.
ජනපති ආර්යාවන් දෙපළ චීනයේ අස්පර්ශ සංස්කෘතික උරුමය පිළිබිඹු කරන විශිෂ්ට හස්ත කර්මාන්ත අගය කළහ. ඔවුහු තේ කලා සංස්කෘතිකාංගයක් ද නැරඹූහ.
ඔවුන්ගේ පෙර හමුවීම් සිහිපත් කරමින් Peng Liyuan මහත්මිය පැවසුවේ චීනය සහ ඉන්දුනීසියාව අතර සංස්කෘතික සහ මානව බැඳීම් තහවුරු කරමින්, මිත්‍රත්වය වැඩිදියුණු කර ගත යුතු බව යි.
චීනයේ අස්පර්ශ සංස්කෘතික උරුමයන් හි ආරක්ෂාව සහ පැවැත්ම පිළිබඳව අදහස් දැක් වූ Iriana Joko Widodo මහත්මිය, චීන ඉතිහාසය සහ සංස්කෘතිය පිළිබඳ තම අවබෝධය සහ ආදරය Chengdu සංචාරයෙන් තවදුරටත් පුළුල් වූ බව කියාසිටියාය.
More Stories
චීන භූකම්පන විශේෂඥයින් ඇතුළු 400ක පමණ පිරිසක් මියන්මාරයේ සහන සැලසීමේ කටයුතුවල නිරතව සිටී- චීන විදේශ අමාත්‍යංශය
චීනය ජාත්‍යන්තර සමාගම්වල ආයෝජනයේ ප්‍රමුඛතම තේරීමක්
මියන්මාරයට සතියක ශෝක කාලයක්