චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද(27) Chengdu නගරයේදී 31 වැනි ලෝක විශ්ව විද්යාල ගිම්හාන ක්රීඩා උළෙලේ සමාරම්භක උත්සවයට එක් වීම වෙනුවෙන් චීනයට පැමිණ සිටින ඉන්දුනීසියා ජනාධිපති Joko Widodo මහතා හමු විය. Joko Widodo මහතා එම සමාරම්භක උත්සවයට සහභාගිවීමට පැමිණීම සාදරයෙන් පිළිගන්නා බව ෂී ජින් පිං මහතා එහිදී පැවසීය. පසුගිය වසරේ Joko Widodo මහතා සමග පොදු ඉරණමක් සහිත හවුලක් ගොඩනැගීම වෙනුවෙන් දෙරටේ නව පරිච්ඡේදයක් ආරම්භ කර ඇති බව ෂී ජින් පිං මහතා ප්රකාශ කළේය. චීනය හා ඉන්දුනීසියාව පූර්ණ උපාය මාර්ගික හවුල්කාරී සබඳතාව ගොඩනැගීමේ 10 වැනි සංවත්සරය මෙම වසරට යෙදේ. එම අවස්ථාව පදනම් කර ගනිමින් ඉන්දුනීසියාව සමග වඩාත් ඉහළ මට්ටමේ උපාය මාර්ගික සහයෝගිතා ගැඹුරු කිරීම හා පොදු ඉරණමක් සහිත චීන ඉන්දුනීසියා හවුල ක්රියාවට නැංවීම මගින් කාලපය හා ලෝකයට වැඩි ස්ථාවර භාවයක් හා ජීව ශක්තිය එක් කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ෂී ජින් පිං මහතා අවධාරණය කළේය.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි