චීනයේ Sichuan පළාතේ Yibin නගරයේ Junlian කෝරළයේ Jinping ගම්මානයේ ඊයේ (8) නායයාම් ආපදා තත්ත්වයක් ඇති විය. ජනාධිපති ෂී ජින්පිං මහතාගේ උපදෙස් හා අගමැති ලී ච්‍යං මහතාගේ ඉල්ලීමට අනුව, උප අග්‍රාමාත්‍ය Liu Guozhong මහතා ඊයේ රාත්‍රියේ විපතට පත් ප්‍රදේශයට පැමිණියේය. ඔහු එහි හානිකර තත්ත්වය, සහන කටයුතු හා පශ්චාත් ආපදා කටයුතු පිළිබඳව විමසා බැලුවේය.
ඉන් පසුව චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ චීන රාජ්‍ය මණ්ඩලය නියෝජනය කරමින් හෙතෙම තාවකාලික නැවතුම් ස්ථානයකට පැමිණ විපතට ලක්වූ ජනතාවගේ දුක සැප විමසා බලා, නැවත පදිංචි කිරීම්, විපත් වැළැක්වීම, දෛනික ජීවන කටයුතු යථාවත් කිරීම යන තත්ත්වයන් පරීක්ෂා කළේය.
අද අලුයම Liu Guozhong මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් පැවැත්විණ. එහිදී ෂී ජින් පිං ජනාධිපතිවරයාගේ වැදගත් උපදෙස් සහ අග්‍රාමාත්‍ය Li Qiang මහතාගේ ඉල්ලීම අවධාරණය කළ ඔහු, මීළඟ අදියරේ ආපදා සහන කටයුතු කෙරෙහි අවධානය යොමු කළේය.
අද පෙරවරුවේ Junlian කෝරළයේ මහජන රෝහල වෙත ගොස් උප අග්‍රාමාත්‍ය Liu Guozhong මහතා තුවාල ලැබූවන්ගේ තත්ත්වය විමසා බලා ඇත. උසස්ම වෛද්‍ය සම්පත් හා ඉහළ මට්ටමේ වෛද්‍යවරුන් යොදා ගනිමින්, තුවාල ලැබූවන්ට නිසි ලෙස ප්‍රතිකාර දිය යුතු බවත් ජීවිත හානි අවම කිරීමට උත්සාහ කළ යුතු බවත් හෙතෙම එහිදී අවධාරණය කර ඇත.
More Stories
USAID සේවකයන් 2200කට නිවාඩු ලබා දීමේ ට්‍රම්ප්ගේ තීරණයකට අධිකරණයෙන් තහනමක්
ප්‍රබල භූකම්පනයක් – රටවල් කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම්
Sichuan පළාතේ සිදුවූ නායයාම් ආපදා තත්ත්වය පිළිබඳ චීන ජනපතිගෙන් උපදෙස්