චීන උප අග්‍රාමාත්‍ය, චීන-ඇමරිකා ආර්ථික හා වෙළඳ කටයුතු ප්‍රධානී He Lifeng මහතා සහ චීන-ඇමරිකා මූල්‍ය ක්‍රියාකාරී කමිටුවේ ඇමරිකා නියෝජිත කණ්ඩායම අතර හමුවක් ඊයේ(19) බෙයිජිංහි දී පැවැත්විණ.
දෙරටේ රාජ්‍ය නායකයින් දෙපළ සැන් ෆ්රැන්සිස්කෝ හි දී ඇති කර ගත් වැදගත් එකඟතාවන් ක්‍රියාවට නැංවීමට සහ ද්විපාර්ශ්වික සබඳතා වඩා යහපත්, ස්ථාවර සහ තිරසර දිශානතියකට යොමු කිරීම සඳහා ඇමරිකාව සමග එක්ව කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව උප අග්‍රාමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.
මූල්‍ය ක්‍රියාකාරී කණ්ඩායම් යාන්ත්‍රණය මනාව භාවිත කරමින් එහි ප්රතිලාභ එක් රැස් කර මූල්‍ය ක්ෂේත්රයේ සහයෝගීතාවේ හැකියාව සහතික කරන ලෙස හෙතෙම දෙපාර්ශ්වයෙන් ඉල්ලා සිටියේය. චීන සංචාරයට එක්ව සිටින මෙම නියෝජිත පිරිස ක්‍රියාකාරී කණ්ඩායමේ තුන්වන රැස්වීමට ද සහභාගී වීමට නියමිතය.
චීන-ඇමරිකා මූල්‍ය ක්‍රියාකාරී කණ්ඩායම යනු දෙරටේ රාජ්‍ය නායකයින් දෙපළ බාලි දූපත් හි දී ඇති කරගත් වැදගත් එකඟතාවන් ක්‍රියාවට නංවමින් දෙපාර්ශවයේම ආර්ථික හා වෙළඳ කටයුතු ප්‍රධානීන්ගේ මගපෙන්වීම යටතේ පිහිටුවන ලද විධිමත් මූල්‍ය හුවමාරු යාන්ත්රණයකි.
More Stories
ප්‍රමාද වූ සියලු පාස්පෝට් මාසයක් ඇතුළත නිකුත් කිරීමට පියවර
චීනයේ ග්රාමීයව ජීවත් වන සාමාන්‍ය පුද්ගලයකුගේ වැය කළ හැකි ශේෂය 2024 වසරේ දී කැපී පෙනෙන වර්ධනයක
ගෝලීය කටයුතුවලදී ජර්මනිය සහ යුරෝපා සංගමය වැදගත් කාර්යභාරයක් ඉටු කිරීම, චීනයට සතුටක්– චීන විදේශ අමාත්‍යංශය