චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් හා සිනොවැක් එන්නත් නිල වශයෙන් පිළිගැනීමට එක්සත් රාජධානිය තීරණය කර තිබේ.
ඒ අනුව, ලබන නොවැම්බර් 22 වනදා සිට එම එන්නත් මාත්‍රා දෙකම ලබාගත් සංචාරකයින්ට අනිවාර්ය නිරෝධායනයෙන් තොරව එරටට පිවිසීමේ අවස්ථාව හිමිවෙයි.
අදාළ චීන එන්නත් හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිල අනුමැතිය හිමිවුණේ පසුගිය මැයි සහ ජූනි මාසයවලදීය.
කොවිඩ් ගෝලීය වසංගතය පාලනයේ ප්‍රධානතම අවිය බවට පත්ව ඇත්තේ කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙළය.
ඒ, යටතේ ලොවපුරා රටවල් සහ ස්වයංපාලන කලාප 218ක කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා බිලියන 7කට වැඩි ප්‍රමාණයක් ලබාදී අවසන්ය.
මේ අතර එංගලන්තයේ සියලු සෞඛ්‍ය සේවකයින් කොවිඩ් මර්දන එන්නත අනිවාර්ය්ය කර තිබේ.
ඒ, යටතේ ලබන වසරේ අප්‍රේල් මස පළමුවනදාට පෙර එරට සියලු සෞඛ්‍ය සේවකයින් පූර්ණ ලෙස කොවිඩ් එන්නතකරණය ලක්විය යුතු වෙයි.
එරට සෞඛ්‍ය ඇමති සජීඩ් ජාවේඩ් අවධාරණය කර ඇත්තේ මේ යටතේ එන්නත් ලබානොගන්නා සෞඛ්‍ය සේවකයින්ට සිය රැකියා අහිමිවිය හැකි බවය.
මේ අතර කොවිඩ් එන්නත් ලබාගත් පිරිසට සාපේක්ෂව එන්නත් ලබානොගත් පිරිස මියයාමේ අවදානම 16 ගුණයකින් ඉහළ බව ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිදුකළ නවතම පර්යේෂණයකදී හඳුනාගෙන තිබේ.
නව ඩෙල්ටා ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය මාස 4 තුළ නිව් සවුත් වේල්ස් වැසියන් 412 දෙනෙකු මියගොස් ඇති අතර ඉන් එන්නත් ලබාගෙන තිබුණේ 11දෙනෙකු පමණි.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි