ශ්‍රී ලංකාවට නොමිලේ ලැබුණු චීන සයිනොෆාම් එන්නත ජනතාවට ලබාදීමට ඉඩනොදී එහි අඩුපාඩු විවේචනය කරමින් මාසයක් පමණ තිස්සේ කාලය නාස්ති කළ අය මේ වනවිට සිදුව ඇති කොවිඩ් මරණවල වගකීම බාරගත යුතු බව රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පවසයි.
“අපි දන්නවා මේ චීන එන්නත අපට නොමිලේ ලැබිච්ච වෙලාවෙ අපි සෑහෙන කාලයක් – මාසයකට ආසන්න කාලයක් – මේ එන්නත නොදී නාස්ති කළා, මේ ගැන වාද විවාද කරමින්. අවසානයේදි දැන් මේක ලෝක සෞඛ්‍ය සංවිධානයෙනුත් අනුමත කරලා තිබෙනවා.
දැන් එතකොට අපට අහන්න ඕනෙ ප්‍රශ්නයක්, ප්‍රමාද කරපු කාලය මේ රටේ මියගිය ජනතාවගේ ජීවිතවලට කවුද වගකියන්නෙ කියලා. අඩුපාඩු කියමින් පහුගිය කාලෙ විවේචනය කරපු අය තමයි යම්කිසි ආකාරයකින් පහුගිය කාලෙ මරණවලට වගකියන්න ඕනෙ කියලා මම කියනවා” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
නාලක ගොඩහේවා මහතා මේ බව පැවසුවේ පෙරේදා (13) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
- Lanka News Web
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ