චීන – කාම්බෝජ නිදහස් වෙළඳ ගිවිසුම 1වැනිදා සිට බලාත්මක වෙයි. පසුගිය ඔක්තෝබර් 12 වන දින අත්සන් තැබූ එම ගිවිසුම චීනය සහ අඩු සංවර්ධිත රටවල් අතර අත්සන් තැබුණු පළමු නිදහස් වෙළෙඳ ගිවිසුමයි.
එම ගිවිසුමට අනුව චීනය සහ කාම්බෝජය ද්විපාර්ශ්වික භාණ්ඩ වෙළඳාම සඳහා ශුන්‍ය තීරුබදු අනුපාත 97.5% සහ 90% ලබාදෙයි. දෙරටට හිමි නිදහස් වෙළඳ ගිවිසුම් සියල්ල අතරින් ඉහළම මට්ටම මෙයයි.
අදාළ සංඛ්‍යාලේඛන අනුව 2021 වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා චීනය සහ කාම්බෝජය අතර ද්විපාර්ශ්වික වෙළඳ පරිමාව ඇමරිකානු ඩොලර් බිලියන 10.98කි. එය 2020 වසරට සාපේක්ෂව 45.9% ක වැඩිවීමකි. ඒ අනුව, 2023 වසර වනවිට එම පරිමාව ඇමරිකානු ඩොලර් බිලියන 10 කට ළඟාවීමේ ඉලක්කය නියමිත කාලයට පෙර සාක්ෂාත් කර තිබීම විශේෂත්වයකි.
චීනය හා ශ්‍රී ලංකාව අතර සාම්ප්‍රදායික මිත්‍රත්වයක් තිබේ. මෑත වසරවල දෙරටේ විවිධ ක්ෂේත්රවල සහයෝගිතා අඛණ්ඩව ශක්තිමත් කර තිබේ. චීනය ශ්‍රී ලංකාවේ වැදගත් සහයෝගිතා හවුල්කාරි රටකි. නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් කිරීම සම්බනධයෙන් චීනය හා ශ්‍රී ලංකාව සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබේ. දෙරට අතර නිදහස් වෙළඳ ගිවිසුම හැකි ඉක්මනින් අත්සන් කිරීමට අපේක්ෂා කෙරේ.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි