චීන – කාම්බෝජ මිතුදම චීන ජනපති ඉහළින් අගය කරයි

新华社照片,金边,2025年4月17日 4月17日下午,柬埔寨国王西哈莫尼同中国国家主席习近平在金边王宫举行会见。 新华社记者 李学仁 摄

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා කාම්බෝජයේ Norodom Sihamoni රජු හමු වෙයි. ඒ ඊයේ (17) සවස එරට නොම් පෙන් නගරයේ රාජකීය මාළිගාවේ දීය.

Norodom Sihamoni රජු ඔටුනු පැළදීමේ 20 වැනි සංවත්සරය හා කාම්බෝජයේ සාම්ප්‍රදායික නව වසර නිමිත්තෙන් කාම්බෝජයේ නිල සංචාරයේ නිරත වීමට අවස්ථාවක් ලැබීම පිළිබඳව සතුටු වන බව පැවසූ ෂී ජින්පිං මහතා කාම්බෝජ ජනතාව වෙත නව වසරේ සුබ පැතුම් පිරිනැමීය. Sihamoni රජුගේ ආශිර්වාදය යටතේ උත්සාහවන්ත කාම්බෝජ ජනතාවට තම රට වඩාත් සමෘද්ධිමත් දිශානතිය කරා රැගෙන යා හැකි බව හෙතෙම දැඩි විශ්වාසය පළ කළේය.

කාම්බෝජ රාජකීය පවුල හා පවතින මිත්‍රත්වය චීනය තදින් අගය කරන බව පැවසූ ෂී ජින්පිං මහතා කාම්බෝජ‍ රාජකීය පවුල කලක සිට දෙරට මිතුදම වෙනුවෙන් ලබා දුන් මහඟු දායකත්වය  ඉහළ පැසසුමට ලක් කළේය. කාම්බෝජයට අනන්‍ය වූ සංවර්ධන මාවතේ ගමන් කිරීමට චීනය ස්ථිරව සහාය දක්වයි. චීන මාදිලියේ නවීකරණය කාම්බෝජය ඇතුළු කලාපීය රටවල් වෙත වඩාත් පුළුල් අවස්ථා ලබා දිය හැකි බවට විශ්වාස කෙරේ. නව යුගයේ හවුල් අනාගතයක් සහිත චීන – කාම්බෝජ පූර්ණ ප්‍රජාව ගොඩනැංවීමෙන් අනිවාර්යයෙන් ම දිදුලන නව ප්‍රවේශයක් නිරූපනය කෙරෙනු ඇති බවට ද චීන ජනාධිපතිවරයා දැඩි විශ්වාසය පළ කළේය.

කාම්බෝජ – චීන මිත්‍රත්වය දෙරට ජ්‍යේෂ්ඨ පරපුරේ නායකයින් විසින් ඇති කර ගනු ලැබූවක් බව Sihamoni රජු එහිදී පැවසීය. එකම චීනය යන මූලධර්මය තම රට තරයේ ම අනුගමනය කරයි.‘එක් තීරයක් එක් මාවතක්’වැඩපිළිවෙළ පොදුවේ ගොඩනැංවීමෙන් කාම්බෝජයට හිමි කර දී ඇති විශාල අවස්ථාවන් පිළිබඳව හෙතෙම සිය කෘතඥතාව පළ කළේය. චීකය සමග එක්ව, ආසියන් සංගම් – චීන සහයෝගිතා, Lancang-Mekong සහයෝගිතා ඇතුළු බහුපාර්ශ්වික යාන්ත්‍රණය යටතේ සම්බන්ධීකරණයන් තහවුරු කිරීමටත් කලාපීය සාමය හා ස්ථාවරත්වය පොදුවේ සහතික කිරීමටත් තම රට සූදානම් බව ද Norodom Sihamoni රජු එහිදී කියා සිටියේය.

එම හමුවේදී Norodom Sihamoni රජු ෂී ජින්පිං මහතා වෙත කාම්බෝජයේ ‘Grand Order of National Merit’ පදක්කම පිරිනැමීය.

මෙම අභිමානය තමාට පමණක් නොව, චීන – කාම්බෝජ මිත්‍රත්වය වෙනුවෙන් අප්‍රමාණ කැපවීමෙන් කටයුතු කර ඇති මිතුරන්ට ද හිමි බව ෂී ජින්පිං මහතා එහිදී සඳහන් කළේය.

අනතුරුව, Norodom Sihamoni රජු ෂී ජින්පිං මහතා වෙනුවෙන් පිළි ගැනීමේ භෝජන සංග්‍රහයක් ද පැවැත්වීය.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com