1978 වසරේ දෙසැම්බර් මාසයේ පැවැත්වූ චීන කොමියුනිස්ට් පක්ෂයේ 11වැනි මධ්‍යම කාරක සභාවේ තුන්වැනි පූර්ණ සැසිය දේශීය ප්‍රතිසංස්කරණ සිදු කරමින් විදේශ රටවල් කෙරෙහි විවෘතභාවය ක්‍රියාත්මක කිරීමේ ඓතිහාසික යුගයක් ආරම්භ කළේය.
2013 වසරේ චීන කොමියුනිස්ට් පක්ෂයේ 18වැනි මධ්‍යම කාරක සභාවේ තුන්වැනි පූර්ණ සැසියේදී, අලුතෙන් තේරී පත්වූ පක්ෂ නායක මණ්ඩලය ප්‍රතිසංස්කරණ ඉදිරියට මෙහෙයවන්නේ කෙසේ ද යන්න පිළිබඳව ගෝලීය අවධානයට ද ලක් විය. ෂී ජින්පිං මහතා එවකට රටේ සංවර්ධන තත්ත්වයට අනුකූලව ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමය අභියෝගාත්මක යුගයට පිවිස ඇතැයි නිගමනය කර ඇත. ඒ සඳහා ඔහු ප්‍රතිසංස්කරණ අංගසම්පූර්ණයෙන් ගැඹුරින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණ කෙටුම්පත් කළේය. 18වැනි මධ්‍යම කාරක සභාවේ තුන්වැනි පූර්ණ සැසිය සම්මත කළ එම තීරණ හේතුවෙන්, පද්ධතිමය ප්‍රතිසංස්කරණ ක්‍රියා සැලැස්ම සම්පාදනය කරමින් පුළුල්ව ක්‍රියාත්මක කිරීමේ නව යුගයට පිවිස තිබේ.
චීන කොමියුනිස්ට් පක්ෂයේ 19වැනි මධ්‍යම කාරක සභාවේ තුන්වැනි පූර්ණ සැසියේ සම්මත වූ පක්ෂයේ හා රාජ්‍ය ආයතනවල ආයතනික ප්‍රතිසංස්කරණ පිළිබඳ තීරණ හා ක්‍රියාමාර්ග, රටේ ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය ආරම්භ වීමෙන් පසු විශාලතම ආයතනික ප්‍රතිසංස්කරණය ආරම්භ කළේය.
චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි මධ්‍යම කාරක සභාවේ තුන්වැනි පූර්ණ සැසිය තවත් නොබෝ දිනකින් පැවැත්වීමට නියමිතය. ඒ වෙනුවෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම් ෂී ජින්පිං මහතා දේශීය ව්‍යවසායකයින් සමග සාකච්ඡා පවත්වමින් චීන ලක්ෂණ සහිත නවීකරණ ව්‍යවසායක ක්‍රමය පරිපූර්ණ කිරීම පිළිබඳ යෝජනා ඇතුළත් ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග රැසක් පරීක්ෂා කිරීමෙහි නිරත විය. චීන මාදිලියේ නවීකරණය යන ප්‍රධාන තේමාව කේන්ද්‍ර කර ගනිමින් ප්‍රතිසංස්කරණ අංගසම්පූර්ණව පුළුල් ලෙස ක්‍රියාත්මක කළ යුතු යැයි එහිදී ප්‍රකාශ කෙරිණ. එළඹෙන පූර්ණ සැසියේ ප්‍රධාන කරුණු පිළිබඳ පූර්ව සංඥාවක් ලෙස මෙය සැලකිය හැකිය.



More Stories
සිය සළුපිළි උනා දැමූ ඇමරිකාව ගැන චීනයේ මතය
සමස්ත ආසියානු ජනතාවගේ පොදු අපේක්ෂාවන් පිළිබිඹු කරන චීනයේ අලුත් අවුරුදු තෑග්ග…
ඇමරිකාව සයිබර් ආරක්ෂණ ගැටළු මුවාවෙන් චීනයට අපහාස කිරීම වහාම නතර කළ යුතු බවට චීනයෙන් ප්‍රකාශයක්