චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව මෑතකදී සංශෝධනය කරන ලද “චීන කොමියුනිස්ට් පක්ෂයේ විනය දඬුවම් පිළිබඳ රෙගුලාසි” නිකුත් කරයි.
මේ පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව නිවේදනයක් පළ කරමින් පැවසුවේ, සියලුම කලාප සහ දෙපාර්තමේන්තු හෘද සාක්ෂියට එකඟව එය ක්‍රියාත්මක කළ යුතු බවයි.
මෙම නිවේදනයට අනුව, සියළු මට්ටම්වල පක්ෂ සංවිධාන විසින් පක්ෂය විනයානුකූල හා දැඩි ලෙස පරිපාලනය කිරීමේ සහ හෘද සාක්ෂියට එකඟව “රෙගුලාසි” ක්‍රියාත්මක කිරීමේ දේශපාලන වගකීමට උර දිය යුතුය. පක්ෂයේ විනය කඩ කරන සෑම ක්‍රියාවකටම එරෙහිව බරපතළ ලෙස ක්‍රියා කළ යුතුය. මෙම “රෙගුලාසි” පක්ෂ සාමාජිකයන් සහ කාඩර්වරුන් පුහුණු කිරීමේදී අනිවාර්යෙන් අදාළ පුහුණුවට ඇතුළත් කළ යුතු අතර, විස්තීරණ සහ දැඩි පක්ෂ පාලනයේ ගැඹුරු සංවර්ධනය අඛණ්ඩව ප්‍රවර්ධනය කළ යුතුය.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්