චීනයේ Shen zhou 14 අභ්‍යවකාශ යානයේ ගගනගාමී කාර්ය මණ්ඩලය සාර්ථක ව මොඩියුලයෙන් පිටතට පැමිණ, අදාළ කටයුතු කිරීම ආරම්භ කර ඇත.
බෙයිජිං වේලාවෙන් 01වැනිදා 19.09 වන විට එම අභ්‍යවකාශ යානයේ සිටි Chen Dong හා Liu Yang යන ගගනගාමීහු දෙදෙනා සාර්ථක ව Wen tian පර්යේෂණාත්මක මොඩියුලයෙන් බැහැර වී සිටියහ. ඔවුන් දෙදෙනා පැය 7ක පමණ කාලයක් එසේ අභ්‍යවකාශ යානයට පිටතින් Wen tian පර්යේෂණාත්මක මොඩියුලයට අදාළ විවිධ විද්‍යාත්මක හා තාක්ෂණික කටයුතුවල නිරත වනු ඇත. ඒ අතරතුර, Cai Xuzhe ගගනගාමියා කේන්ද්‍රීය මොඩියුලයේ සිට ඔවුන්ට තාක්ෂණික සහය ලබා දෙයි.
මෙය චීන ගගනගාමීන් Wen tian පර්යේෂණාත්මක මොඩියුලයෙන් බැහැර ව හිඳිමින් ක්‍රියාකාරකම් සිදුකරන පළමු අවස්ථාව වීම විශේෂත්වයකි
More Stories
ගෝලීය සාධාරණත්වය ආරක්ෂා කිරීමේ ප්‍රධාන බලවේගය වීමට එක්වන්නැයි BRICS රටවලට ආරාධනා– චීන විදේශ අමාත්‍ය
නව කොරොනා වසංගතයේ මූලාරම්භය පිළිබඳව ඇමරිකාව ලෝකයට නිසි පැහැදිලි කිරීමක් කළ යුතුයි–චීනය
චීනයේ 15 වැනි පස් අවුරුදු සැලසුම පිළිබඳ චීන ජනපතිගෙන් උපදෙස්