චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ ගැබොන් ජනරජයේ ජනාධිපති Omar Bongo මහතා සාකච්ඡා පවත්වති.
එම සාකච්ඡාව ඊයේ (19) පස්වරුවේ බෙයිජිංහි මහජන මහ ශාලාවේ පැවැත්විණ.
චීන ගැබොන් පූර්ණ සහයෝගතා හවුල්කාරීත්වය, ‘අංගසම්පූර්ණ උපායමාර්ගික සහයෝගතා හවුල්කාරීත්වය’ ලෙසට නංවාලීමට එහිදී නායක දෙපළ තීරණය කර ඇත.
ජනාධිපති Omar Bongo මහතාගේ මෙහෙයවීම යටතේ ගැබොන් රාජ්‍යය ස්වයං තත්ත්වයට ගැලපෙන සංවර්ධන මාර්ගය ගවේෂණය කරමින් ස්ථාවරත්වය හා ආර්ථික විවිධත්වය ප්රවර්ධනයෙහි නියැළී, වැදගත් ජයග්‍රහණ දිනා ගත් බව ෂී ජින්පිං මහතා එහිදී පැවසීය. කලාපීය ඒකීයකරණය ඉදිරියට ගෙන යාමටත් අප්‍රිකාවේ උණුසුම් ප්රශ්නය සමනය කිරීමටත් සහාය වන ගැබොන් රාජ්‍යයේ ජාත්‍යන්තර හා කලාපීය බලපෑම් ශක්තිය කැපී පෙනෙන ලෙස ඉහල නංවා තිබෙන බව ද ඔහු කීය.
වත්මන් ලෝක තත්ත්වය හමුවේ චීනය හා ගැබොන් රාජ්‍යය එකිනෙකාට අනුබල දක්වමින් දෙරටේ පොදු යහපත සහ ජාත්‍යන්තර සාධාරණ හා යුක්තිය සහතික කිරීමට දායක වී තිබේ. චීන ගැබොන් සම්බන්ධතාවය ගැඹුරට තිරසර ලෙස වර්ධනය කිරීම, දෙරටේ පොදු හා දිගු කාලීන ප්‍රතිලාභයට හිතකර වන අතර පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩනැගීමටත් එය වැදගත් ආදර්ශනයක් වනු ඇතැයි ද ෂී ජින්පිං මහතා පවසා ඇත.
එකම චීනය මූලධර්මයේ ස්ථිරව එල්බ සිටින ගැබොන් රාජ්‍යය ෂී ජින්පිං ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ, ගෝලීය සංවර්ධන මුලපිරුම, ගෝලීය ආරක්ෂක මුලපිරුම සහ පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව යන සංකල්පයන්ට අනුබල දක්වන බව ගැබොන් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත. දිගු කාලයක් පුරා චීනය තම රටට ලබා දුන් මහඟු උපකාර සඳහා කෘතඥ වන අතර යටිතල පහසුකම්, කෘෂිකර්ම හා සංචාරක යන ක්ෂේත්රවල සහයෝගතා පුළුල් කිරීමට කැමැත්තෙන් සිටින බව ද ඔහු පැවසීය. තම රටේ කාර්මික කලාපවල සංවර්ධනයට එක් වීමට චීන ව්‍යාපාර පිළි ගන්නා බවත් ඒ සඳහා යහපත් පරිසරයක් සලසා දීමට පියවර ගන්නා බවත් ඔහු සඳහන් කළේය.
එම සාකච්ඡාවෙන් අනතුරුව ආයෝජන, කෘෂිකර්මය, ජන නිවාස, නාගරික සංවර්ධනය, දේශගුණික විපර්යාසයට මුහුණ දීම යනාදී ක්ෂේත්‍ර සම්බන්ධ ද්විපාර්ශ්වීය සහයෝගතා ලිපිලේඛන රැසකට නායක දෙපළ ඉදිරියේ අත්සන් තැබිණ.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි