“චීන චිත්‍රපට සමග චීන සංචාරය” නමැති වැඩසටහන ඇරඹේ

චීන ජාතික සිනමා දෙපාර්තමේන්තුව හා චීන මාධ්‍ය සමූහය විසින් සංවිධානය කරන ලද “චීන චිත්‍රපට සමග චීන සංචාරය” නමැති වැඩසටහනේ සමාරම්භක උත්සවය පැවැත්වේ.

චීන මාධ්‍ය සමූහයේ උප අධ්‍යක්ෂ ජනාරල් Xing Bo මහත්මිය හා චීන ජාතික සිනමා දෙපාර්තමේන්තුවේ උප ප්‍රධානී Qin Zhengui මහතා ඇතුළු නිලධාරීහු අද (17) පැවති එම උත්සවයට එක් වූහ.

විදෙස් චිත්‍රපට වෙළඳපොලට චීන චිත්‍රපට නිකුත් කිරීම, විදේශ රටවල චීන චිත්‍රපට උළෙල  සහ දෙස් විදෙස් ජාත්‍යන්තර චිත්‍රපට උළෙල ඔස්සේ “චීන චිත්‍රපට සමග චීන සංචාරය” නමැති වැඩසටහන විදේශ ප්‍රේක්ෂකයන්ට චීනය වඩාත් අවබෝධ කර ගනිමින් චීනයේ සංචාරයක නිරතවීමේ උනන්දුව ඉන් දිරිගැන්වේ. චිත්‍රපට සමාගම් හා සංචාරක සමාගම් සහයෝගිතා පවත්වමින් සිනමා තේමා සංචාරක සැලැස්ම ඉදිරිපත් කිරීම පෙළඹවීමද සිදු කෙරේ. විදේශ රටවල පිහිටි සිය ශාඛා, ප්‍රධාන ජාත්‍යන්තර මාධ්‍ය ආයතන හා සමාජ මාධ්‍ය වේදිකා සමග පවත්නා සහයෝගිතා පදනම් කර ගෙන චීන මාධ්‍ය සමූහය “චීන චිත්‍රපට සමග චීන සංචාරය”නිර්මාණශීලි ලෙස ප්‍රවර්ධනය කරමින් චීන චිත්‍රපට ජාත්‍යන්තර වෙළඳපොලට ප්‍රවේශවීම ඉදිරියට ගෙන යනු ඇත.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com