චීන ජනතාව ජපාන ආක්‍රමණයට එරෙහි යුද්ධය සහ ලෝකවාසීන් ෆැසිස්ට්වාද විරෝධී යුද්ධය ජයගැනීමේ 78වැනි සංවත්සරය සැමරේ.
එම සංවත්සරය සැමරීම වෙනුවෙන් ඊයේ (3) බෙයිජිංහිදී වැඩමුළුවක් පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, පක්ෂ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක කටයුතු දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ලි ෂු ලෙයි මහතා ඊට එක් විය.
නූතන ඉතිහාසයේ චීන ජනතාව විදේශ ආක්‍රමණයට එරෙහිව දීර්ඝතම කාලයක් පුරා නිතර වූ විශාලතම යුද්ධය වූයේ චීන ජනතාව ජපාන ආක්‍රමණයට එරෙහි යුද්ධයයි. එමෙන් ම නූතන ඉතිහාසයේ වැඩිම දිවි පිදූවන්ගේ සංඛ්‍යාව චීනයෙන් වාර්තා වූ වකවානුව වූයේත් එම යුද්ධ කාලයයි.
චීන ජනතාව ජපාන ආක්‍රමණයට එරෙහි යුද්ධය ජයගැනීම, ලෝකවාසීන් ෆැසිස්ට්වාදය ජයගැනීමේ යුද්ධයෙන් පූර්ණ ජයග්‍රහණය ලබාගැනීමේ අවසන් අදියර ලෙස සැලකේ. එමගින් ලෝක බලවතෙකු වශයෙන් චීනයට හිමි ස්ථානය යළි තහවුරු විය.
More Stories
ප්‍රමාද වූ සියලු පාස්පෝට් මාසයක් ඇතුළත නිකුත් කිරීමට පියවර
චීනයේ ග්රාමීයව ජීවත් වන සාමාන්‍ය පුද්ගලයකුගේ වැය කළ හැකි ශේෂය 2024 වසරේ දී කැපී පෙනෙන වර්ධනයක
ගෝලීය කටයුතුවලදී ජර්මනිය සහ යුරෝපා සංගමය වැදගත් කාර්යභාරයක් ඉටු කිරීම, චීනයට සතුටක්– චීන විදේශ අමාත්‍යංශය