2025 වසන්ත උත්සවය හෙවත් චීන සාම්ප්‍රදායික අලුත් අවුරුද්ද වෙනුවෙන් චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාව සහ චීන රාජ්‍ය මණ්ඩලය අද (27) පෙරවරුවේ බෙයිජිං හි මහජන මහා ශාලාවේදී සාමූහික සුබ පැතුම් ක්‍රියාකාරකමක් පැවැත්වීය. චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඊට සහභාගී වෙමින් දේශනයක් සිදු කළේය.
චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාව සහ චීන රාජ්‍ය මණ්ඩලය නියෝජනය කරමින් හෙතෙම විවිධ ජාතීන්ට අයත් සමස්ත චීන ජනතාව, හොංකොං හා මැකව් විශේෂ පරිපාලන කලාපවල ස්වදේශිකයන්, තායිවාන ප්‍රදේශයේ ස්වදේශිකයන්, විදෙස්ගත චීන ජාතිකයන්ට නව වසර වෙනුවෙන් සුබ පැතුම් පිරිනමා ඇත.
ගතවූ වසර චීනයේ සංවර්ධන ක්‍රියාවලියේ සුවිශේෂ වසරක් වන අතර ඵලදායී ජයග්‍රහණ ලබා ඇතැයි ෂී ජින්පිං මහතා එහිදී පැවසීය. 2025 වසර චීනයේ 14 වැනි පස්අවුරුදු සැලැස්මේ අවසන් වසරයි. ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනය ස්ථිර ලෙස අනුගමනය කරමින් අංගසම්පූර්ණ නව සංවර්ධන සංකල්පය නිවැරදිව ක්‍රියාත්මක කර නව සංවර්ධන ව්‍යුහය ගොඩනැගීම කඩිනම් කළ යුතු බව හෙතෙම සඳහන් කළේය. එමෙන්ම, ආර්ථිකයේ ප්‍රකෘතිමත් වීම ප්‍රවර්ධනය කිරීම සඳහා, ප්‍රතිසංස්කරණ තවදුරටත් පුළුල් කරමින් ඉහළ මට්ටමේ විවෘතභාවය ව්‍යාප්ත කිරීමෙහි නියැළී සිටිය යුතුය. සමාජීය සුසංගතභාවය හා ස්ථාවරත්වය පවත්වා ගනිමින් දැඩි ලෙස පක්ෂය පාලනය කළ යුතු බවද ෂී ජින්පිං මහතා කියා සිටියේය. රටේ 15 වැනි පස්අවුරුදු සැලැස්ම සම්පාදනය කෙරෙමින් පවතී. දැවැන්ත ඉලක්කයන් වෙත අප ඉදිරියට ගමන් කරනු ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේය.
චීන සංස්කෘතිය තුළ නයා යනු සංවේදී බව, නුවන මෙන්ම ජීවන ශක්තියේ සංකේතයකි. සරු අස්වැන්න, සුබ හා වාසනාව යන අර්ථයන් ද ඉන් නිරූපනය කෙරේ. උදා වන සාම්ප්‍රදායික නයාගේ වසරේ චීන ජනතාව රටේ සංවර්ධනය සඳහා වඩාත් ක්‍රියාශීලිව හා කැපවීමෙන් එක් වී චීන ලක්ෂණයෙන් යුත් නවීකරණ ක්‍රියාවලියේ නව පරිච්ඡේදයක් ආරම්භ කරනු ඇතැයි අපේක්ෂා කරන බව චීන ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
More Stories
ලොවක් වසඟ කළ චීන සංස්කෘතික උළෙල
වසන්ත උත්සවයට පෙර චීන ජනතාවගේ සුවදුක් විමසන චීන ජනපති
චීන අගමැති 2024 චීන මිත්‍රත්ව සම්මානයෙන් පිදුම් ලැබූ විදේශ විශේෂඥයන් වෙනුවෙන් සම්භාෂණයක් පවත්වයි