චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීන හොංකොං විශේෂ පරිපාලන කලාපයේ ව්‍යාපාරික Bao Peiqing සහ Cao Qiyong යන මහත්වරුන්ගේ ලිපියකට පිළිතුරු දෙමින් ඔවුන් දිරිමත් කර ඇත. ඔවුන් නැගෙනහිර චීනයේ Ningbo නගරයේ පාරම්පරික සම්භවයකින් පැවත එන ව්‍යාපාරිකයින් වීම විශේෂත්වයකි.
දීර්ඝ කාලයක් තිස්සේ ඔවුන්, දේශප්‍රේමය සහ උපන් ගමට ආදරය කිරීමේ පාරම්පරික සාම්ප්‍රදාය උරුම කරගෙන නවෝත්පාදන සංකල්පයෙන් යුතුව ව්‍යාපාර ආරම්භ කළ අතර, අධ්‍යාපන ක්ෂේත්රයේ සංවර්ධනය වෙනුවෙන් අරමුදල් පරිත්‍යාග කර ඇත. උපන් ගමේ ඉදිකිරීම් හා ජාතික සංවර්ධන කටයුතුවලට දායකත්ව ලබා දුන් ඔවුන් රටට හා උපන් ගමට ඇති ගෞරවය සහ ආදරය සැබවින්ම පිළිබිඹු කර ඇති බව ෂී ජින් පිං මහතාගේ පිළිතුරු ලිපියේ සඳහන් කෙරේ.
චීන මාදිලියේ නවීකරණය අංගසම්පූර්ණයෙන් තහවුරු කිරීම මගින් ශක්තිමත් රටක් ගොඩනැගීම, ජාතික පුනර්ජීවනය ඉදිරියට ගෙන යාම සඳහා සමස්ත චීන ජාතිකයන් එක්ව කැපවීමෙන් කටයුතු කළ යුතු ය. ඔවුන්ට සිය වාසිදායක ක්ෂේත්රය ඔස්සේ රටේ ප්‍රතිසංස්කරණ හා විවෘතභාවයේ මෙහෙයුම්වලට සක්‍රියව එක් වී චීන මාදිලියේ නවීකරණය ගොඩනැගීම හා ජාතික පුනර්ජීවනයේ චීන සිහිනය සාක්ෂාත් කිරීම සඳහා නව දායකත්ව ලබා දීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බව ෂී ජින් පිං මහතා එහිදී ප්‍රකාශ කළේය.
More Stories
පදනම් විරහිත චෝදනා එල්ල නොකරන්නැයි චීනයෙන් ඇමරිකාවට දැඩි ප්‍රකාශයක්
එක්සත් ජාතීන් සමග පුළුල් සහයෝගීතාවක් පවත්වා ගැනීමට අපේක්ෂා කරන බව චීන විදේශ අමාත්‍යවරයා පවසයි
චීනයේ විදුලි වාහන සම්බන්ධ යුරෝපා සංගමයේ තීරණයට දැඩි විරෝධයක්