චීන මාධ්‍ය සමූහය, රුසියානු රජයේ “රුසියානු පුවත්පත”, රුසියාවේ ග්‍රේටර් ඒෂියා රූපවාහිනි නාලිකාව සහ රුසියාවේ අනෙකුත් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය එක්ව සංවිධානය කරන ලද ‘චීන මාධ්‍ය සමූහයේ විශිෂ්ට රූපවාහිනී වැඩසටහන් පෙළක් රුසියාවේ විකාශනය’ පිළිබඳ ක්‍රියාකාරකම ඊයේ (18) මොස්කව්හිදී ඇරඹිණ. ඒ, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එළඹෙන BRICS නායකයින්ගේ 16 වන සමුළුවට සහභාගී වීම නිමිත්තෙනි.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්රචාරක දෙපාර්තමේන්තු උප ප්‍රධානී, චීන මාධ්‍ය සමූහයේ අධ්යක්ෂ ජනරාල් Shen Haixiong මහතා, රුසියානු පුවත්පතේ සභාපති Pavel Negoitsa මහතා සහ රුසියාවේ චීන තානාපති Zhang Hanhui මහතා ඒ සඳහා වීඩියෝ දේශන පැවැත්වූහ.
චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ 75 වැනි සංවත්සරය සහ චීනය සහ රුසියාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 75 වැනි සංවත්සරය මෙන්ම චීන-රුසියා සංස්කෘතික වර්ෂය ආරම්භ කිරීම මෙම වසරේ සනිටුහන් කරන බව Shen Haixiong මහතා එහිදී පැවසීය. චීන මාධ්‍ය සමූහයේ විශිෂ්ට රූපවාහිනී වැඩසටහන් පෙළක් රුසියාවේ විකාශය කිරීම දෙරට නායකයින් අතර පැවති සාකච්ඡාවේ ප්‍රතිඵල තවදුරටත් ශක්තිමත් කිරීමට සහ දෙරට අතර ශක්තිමත් බැඳීමක් ගොඩනැගීමේ තවත් විචිත්‍රවත් අවස්ථාවක් වනු ඇතැයි හෙතෙම සඳහන් කර ඇත.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි