විශාල දේශභූමියක් සතු චීනය බහුජාතික රටකි. වසර 5000කට වැඩි ඉතිහාසයකට හිමිකම් කියන චීනයේ විවිධ ජාතීන් එකමුතුවෙන් දීප්තිමත් ශිෂ්ටාචාරයක් නිර්මාණය කර තිබෙනවා. චීන මහජන සමූහාණ්ඩුවේ 75වන ජාතික දිනයට පෙර චීන ජනාධිපති ෂී ජින් පිං මහතා රටේ සමස්ත ජාතීන්ගේ සමගිය හා ප්රගතිය වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ ආදර්ශවත් කණ්ඩායම් හා පුද්ගලයන් වෙත සම්මාන ප්රදානය කළා.
පාලක පක්ෂය වශයෙන් චීන කොමියුනිස්ට් පක්ෂය ස්ථාපිත වූ දා සිට මේ දක්වා ජනවාර්ගික සමගිය වෙනුවෙන් දුර්දර්ශී හා බුද්ධිමත් පියවර ගෙන ඇතැයි චීන ජනාධිපතිවරයා එහිදී කියා සිටියා. එම පියවර වන්නේ චීනයේ සියලු ජාතීන් එක්සත් කරමින් සියලු ජාතීන්ගේ සංවර්ධනය හා සමෘද්ධිය සඳහා කටයුතු කිරීමයි.
සමස්ත ජාතීන්ගේ සමගිය හා ප්රගතිය වෙනුවෙන් මහඟු සේවය ඉටු කළ කණ්ඩායම් හා පුද්ගලයන් වෙනුවෙන් පැවති මෙවර සම්මාන පිරිනැමීමේ උත්සවයේදී ෂී ජින් පිං ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ජාතීන් 56 එකතු වීමෙන් චීන ජාතික පොදු හවුල නිර්මාණය වී ඇති බවයි. චීන ජාතික පොදු හවුල සඳහා විශිෂ්ට සේවයක් ඉටු කළ කණ්ඩායම් හා පුද්ගලයන් අගය කිරීමේ අරමුණින් 1988 වසරේ සිට සෑම වසර 5කට වරක් චීන රජය මෙවැනි සම්මාන පිරිනැමීමේ උත්සවයක් පවත්වනු ලබනවා.
More Stories
චීන-බ්රසීල සබඳතාවන්හි ස්වර්ණමය ඇරඹුමක් සටහන් කළ චීන ජනපතිගේ බ්රසීල සංචාරය
වීසා රහිත ප්රතිපත්තිය ක්රියාත්මක රටවලට තවදුරටත් පහසුකම් වැඩි කිරීමට චීනයෙන් තීරණයක්
චීනයේ විදේශ වෙළඳාමේ කැපීපෙනෙන වර්ධනයක්