චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඉකුත් 12,13 දිනවල ෂින්ජියං උයිගුර් ජාතික ස්වායත්තයේ උරුමුචි අගනගරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. චීන කොමියුනිස්ට් පක්ෂයේ 18වැනි ජාතික නියෝජිත සම්මේලනයෙන් අනතුරුව හෙතෙම සුවිශාල ෂින්ජියං ප්‍රදේශයට පාතැබූ දෙවැනි අවස්ථාව මෙයය.
12 වනදා පස්වරුවේ ඔහු ප්‍රථමයෙන්ම ෂින්ජියං විශ්ව විද්‍යාලයට පැමිණ, එහි ප්‍රවීණයන් බිහි කිරීමේ තත්ත්වය විමසුවේය.
ඉන් පසුව ජනාධිපතිවරයා උරුමුචි ජාත්‍යන්තර ගොඩබිම් වරාය කලාපය වෙත ගොස් එම පරිශ්‍රය නිරීක්ෂණය කළේය. රටේ ප්‍රථම ගොඩබිම් වරායක් මෙන්ම ජාතික භාණ්ඩ ප්‍රවාහන මධ්‍යස්ථානයක් වන උරුමුචි ජාත්‍යන්තර ගොඩබිම් වරාය කලාපය, ‘සේද මාවත ආර්ථික තීරයේ’ කේන්ද්‍රීය කලාපයේ සංකේතවත් ව්‍යාපෘතිය යි. එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළේ සංවර්ධනය සමගම ෂින්ජියං ප්‍රදේශය, රටේ පිටිසර ග්‍රාමීය ප්‍රදේශයක් නොවී, කේන්ද්‍රීය හා වැදගත් සන්ධිස්ථානයක් බවට පත්ව ඇතැයි එහිදී ඔහු පෙන්වා දුන්නේය.
13වනදා උදේවරුවේ උරුමුචි නගරයේ ටියන්ෂන් දිස්ත්‍රික්කයේ ගූයුවන්ෂියං සමාජ ප්‍රජාවට පැමිණි ෂී ජින්පිං මහතා එහි ජනතා සහයෝගිතාව කෙරෙහි අවධානය යොමු කළේය. වසර 2001 ස්ථාපිත එම සමාජ ප්‍රජාවේ ජනගහණයෙන් සියයට 95කට වැඩි පිරිස, සුළු ජන වාර්ගිකයින් වන බැවින් එය බහුජාතික වාසස්ථානයක් ලෙස හැඳින්වේ.
උරුමුචි නගරයේ පිහිටි ෂින්ජියං උයිගුර් ජාතික ස්වායත්ත කෞතුකාගාරය ද ජනාධිපතිවරයා නිරීක්ෂණය කළේය.
වසර 1959 වසරේ ගොඩනැගුණු එම කෞතුකාගාරයේ බිම්ප්රමාණය වර්ග මීටර් හතලිස් නව දහස් හය සියයකි. එය ෂින්ජියං ප්‍රදේශයේ විශාලතම පුරාවස්තු හා නියැඳි තැන්පත් කෙරෙන, විද්‍යා පර්යේෂණ, ප්රචාරක හා අධ්‍යයන ආයතනය යි. සාම්ප්‍රදායික රෙදිපිළි නිර්මාණය, ලිපිලේඛන, වර්ණවත් මැටි අත්කම් භාණ්ඩ එහි සුවිශේෂ වේ.
‘නීත්‍යනුකූලව ෂින්ජියං පාලනය කිරීම, ජන සමගියෙන් ෂින්ජියං ස්ථාවර කිරීම, සංස්කෘතියෙන් ෂින්ජියං පෝෂණය කිරීම, ජන පොහොසත්කමෙන් ෂින්ජියං සමෘද්ධිමත් කරලීම’ යන්න, වසර දෙකකට පෙර පැවති ෂින්ජියංහි කටයුතු පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තුන් වැනි රැස්වීම ඉදිරිපත් කළ, නවීන යුගයේ චීන කොමියුනිස්ට් පක්ෂයේ ෂින්ජියං ප්‍රදේශය පාලනය කිරීමේ ක්‍රියාමාර්ගය වේ. මෙවර චීන ජනාධිපති ෂී ජින්පිං මහතා උරුමුචි නගරයේ සිදු කළ චාරිකාව, එම ක්‍රියාමාර්ගය පිළිබඳ පැහැදිලි හා සම්පූර්ණ අර්ථකථනයක් බඳු ය.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි