චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද(30) බෙයිජිංහි පැවති චීන අරාබි රාජ්‍ය සහයෝගිතා සංසදයේ 10 වැනි අමාත්‍ය සමුළුවේ සමාරම්භක උළෙලට සහභාගී වුණා.
අරාබි රටවල් සමග එක්ව අන්‍යෝන්‍ය සහයෝගය යටතේ චීන-අරාබි රාජ්‍ය සම්බන්ධතාව ලෝක සාමය හා ස්ථාවරත්වය සහතික කිරීමේ ආදර්ශයක් ලෙසට සංවර්ධනය කිරීම චීනයේ අපේක්ෂාවක් බව ෂී ජින්පිං මහතා එහිදී ප්‍රකාශ කළා.
පොදු ඉරණමක් සහිත චීන-අරාබි රටවල ප්‍රජාවේ සංවර්ධනය කඩිනම් කිරීමට අරාබි රාජ්‍යයන් සමග ‘පංච සහයෝගිතා ක්‍රමවේදයක්’ ගොඩනැගීමට චීනය සූදානම් වන බව ද එහිදී සඳහන් වුණා.
එමෙන්ම දෙවැනි චීන අරාබි රාජ්‍ය ප්‍රධානීන්ගේ සමුළුව 2026 වසරේ චීනයේ පැවැත්වීමට නියමිතයි.
පලස්තීන රාජ්‍යයක් ස්ථාපිත කිරීමට චීනයේ ස්ථිර සහාය හිමි වන බවත්, පලස්තීනයට එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය ලබා ගැනීමට අනුබල දෙමින් ජාත්‍යන්තර සාම සාකච්ඡා පැවැත්වීමට චීනය සූදානම් බව එහිදී චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි