චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද(17) උදෑසන බෙයිජිං මහජන මහ ශාලාවේදී චිලී රාජ්‍යයේ ජනාධිපති Gabriel Boric මහතා හමු විය. Gabriel Boric මහතා 3 වැනි“එක් තීරයක් එක් මාවතක්”ජාත්‍යන්තර නායක සංසදයට සහභාගීවීමට හා චීනයේ නිල සංචාරයක් සඳහා බෙයිජිං නුවරට පැමිණ සිටී.
දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවා ගෙවුණු අඩ සියවසකට වැඩි කාලයක් තුළ, චීනය හා චිලී රාජ්‍යය අතර සබඳතා සැමවිටම ලතින් ඇමරිකානු සහ කැරිබියන් රටවල් සමඟ චීනය පවත්වන සබඳතාවන්හි ප්‍රමුඛස්ථානයේ පවතින අතර, බොහෝ “ප්‍රථම” සාධකයන් ඉන් බිහිව ඇති බව, ෂී ජින් පිං මහතා සඳහන් කළේ ය. චීනය සහ චිලී රාජ්‍යය අතර විවිධ ක්ෂේත්රවල සහයෝගීතාවය දෙපාර්ශ්වයේ සංවර්ධනය සහ පුනර්ජීවනය ප්‍රවර්ධනය කර ඇති අතර, දෙරටේ ජනතාවට ප්රත්යක්ෂ ප්රතිලාභ ගෙන දී ඇති බව ද, ෂී ජින් පිං මහතා එහිදී සඳහන් කළේ ය.
මේ අතර චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, ජාත්‍යන්තර නායක සංසදයට එක්වීම සඳහා චීනයට පැමිණ සිටින ඉතියෝපියානු අග්‍රාමාත්‍ය Abiy Ahmed Ali මහතා ද හමුවෙයි. ඉතියෝපියාව ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළට එක් වන වැදගත් පාර්ශ්වයක් බව ෂී ජින් පිං මහතා එහිදී පැවසීය. චීන – ඉතියෝපියානු සබඳතාව අංගසම්පූර්ණ උපායමාර්ගික හවුල්කාරී සබඳතාවක් ලෙස වැඩිදියුණු කළ යුතු බවට ෂී ජින් පිං මහතා එහිදී යෝජනා කළේය. මිතුදම හා අන්‍යෝන්‍ය විශ්වාසය අඛණ්ඩව තහවුරු කිරීම හා ප්‍රායෝගික සහයෝගිතා ගැඹුරු කිරීම දෙපාර්ශ්වය විසින් ම සිදු කළ යුතු ය. පොදු සංවර්ධනය හා සහයෝගිතා ඔස්සේ පොදු ජයග්‍රහණ දිනාගන්නා සැබෑ මිතුරන් ලෙස ජාත්‍යන්තර සාධාරණය හා යුක්තිය රැකගැනීමේ දී ද එක්ව ප්රයත්න දැරිය යුතු බව ෂී ජින් පිං මහතා අවධාරණය කළේය.
එමෙන්ම චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, 3 වැනි“එක් තීරයක් එක් මාවතක්”ජාත්‍යන්තර නායක සංසදයට එක්වීම සඳහා චීනයට පැමිණ සිටින හංගේරියාවේ අග්‍රාමාත්‍ය Orbán Viktor මහතා ද හමුවිය.
මෑත වසරවල චීනය හා හංගේරියාව අතර සබඳතා ඉහළ මට්ටමින් වර්ධනය වෙමින් පවතින අතර දෙපාර්ශ්වයන්ගේ අන්‍යෝන්‍ය විශ්වාසය අඛණ්ඩව ගැඹුරු කොට අන්‍යෝන්‍ය යහපත හා සහයෝගිතාවෙන් සරු ප්‍රතිඵල අත්පත් කරගෙන තිබෙන බව ෂී ජින් පිං මහතා එම හමුවේදී කියා සිටියේය. ජනාධිපති ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ“එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙළ ලෝකයට විශාල වෙනස්කම් ගෙන ආ අතර එය ලෝක ආර්ථික වර්ධනයට හිතකර වන බවත් හංගේරියාව එම වැඩපිළිවෙළට ස්ථීරව අනුබල දෙමින් එයට සක්‍රියව එක් වනු ඇති බවත් හෙතෙම සඳහන් කළේය. හංගේරියාව හා චීනය අතර මිත්‍රශීලී හා සහයෝගී සබඳතා ගැඹුරු කිරීමේ ප්රයත්නයට හංගේරියාව නොසැලී සිටින අතර, යුරෝපා සංගමයේ චීනයේ විශ්වාසවන්ත මිතුරා සහ හවුල්කරු ලෙස දිගටම පවතිනු ඇති බව ද Orbán Viktor මහතා වැඩිදුරටත් පැවසීය.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි