චීන ජනාධිපති ෂී ජින්පිං මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ සහ රජයේ නිළධාරීන් අද(30) උදෑසන බෙයිජිං හි Tian’anmen චතුරශ්රයේ දී රට වෙනුවෙන් සිය ජීවිතය පුද කළ ජාතික වීරයන්ට පුෂ්පෝහාර දැක්වීමේ උත්සවයට සහභාගී වූහ.
චීනයේ ජාතික දිනයට පෙර දිනයේ පැවැත්වෙන දිවි පිදූවන්ගේ 10 වැනි සැමරුම නිමිත්තෙන් මෙම උත්සවය පැවැත්විණි. එක්ව සිටි සියලු දෙනා ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව චීන ජනතාවගේ විමුක්තිය සහ මහජන චීන සමූහාණ්ඩුවේ සංවර්ධනය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් සිහි කරමින් විනාඩි කිහිපයක නිශ්ෂබ්දතාවක් පැවැත්විණ.
රට වෙනුවෙන් දිවි පිදූවන්ට ගෞරව දක්වමින් සහ එමගින් ශක්තිය ලබා ගෙන චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ශක්තිමත් නායකත්වය යටතේ, කොමියුනිස්ට් පක්ෂය, ත්රිවිධ හමුදාව සහ සියලු ජනවර්ගවල ජනතාව වර්තමානයේ නව මාවතකට අවතීර්ණ වී සිටිති. විශ්වසනීය ඉදිරි ගමනක් තුළින් ශක්තිමත් චීනයක් ගොඩනැගීමට සහ ජාතික පුනර්ජීවනය සාක්ෂාත් කර ගැනීමට ඔවුහු නොපසුබට උත්සාහයක යෙදෙති.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි