නාවුරු දේශයේ 56වන නිදහස් දිනය වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද(31) එරට ජනාධිපති David Ranibok Adeang මහතා වෙත සුබ පැතුම් පණිවිඩයක් යොමු කර ඇත.
පසුගියදා චීනය හා නාවුරු දේශය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාව නිල වශයෙන් යළි ආරම්භ වීමත් සමග ද්විපාර්ශ්වික සබඳතා ඉතිහාසයේ නව පිටුවක් විවර කෙරුණු බව ෂී ජින්පිං මහතාගේ සුබ පැතුම් පණිවිඩයේ දැක්වේ. එකම චීනය මූලධර්මය පිළිපැදීමට Adeang ජනාධිපතිවරයා ගත් දේශපාලන තීරණය, ඉහල පැසසුමට ලක් වන බව එහි සඳහන් වේ. චීන නාවුරු සම්බන්ධතාවයේ වර්ධනය වැදගත් කොට සලකන තමා, Adeang ජනාධිපතිවරයා සමග අන්‍යෝන්‍ය දේශපාලන විශ්වාසය ගැඹුරු කරමින් ප්‍රායෝගික සහයෝගතා හා මානව හුවමාරු පුළුල් කරමින් දෙරටේ ජනතාවට සුබසෙත නිර්මාණය කිරීම සඳහා කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ෂී ජින්පිං මහතා එහිදී ප්‍රකාශ කළේය.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්