ජනාධිපති ෂී ජින් පිං ඇතුළු චීන නායකයෝ ඉහළ පෙළේ විශ්‍රාමික නිලධාරීන්ට අලුත් අවුරුදු සුබ පැතුම් පිරිනමති. සාම්ප්‍රදායික චීන අලුත් අවුරුද්ද නිමිති කරගෙන ජනාධිපති ෂී ජින් පිං ඇතුළු චීන නායකයන් එම ඉහළ පෙළේ විශ්‍රාමික නිලධාරීන් වෙතට ගොස් හෝ රජයේ වෙනත් නිලධාරීන් මාර්ගයෙන් හෝ ඔවුන්ගේ සුව දුක් විමසා අලුත් අවුරුදු සුබ පැතුම් පිරිනමා ඇත.
ෂී ජින් පිං මහතා ප්රමුඛ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාව පක්ෂයේ 20වැනි ජාතික කොංග්‍රසයේ ජීවගුණය පිළිපදිමින් රටේ සියලු ජනකොට්ඨාශ එක්සත් කරමින් සමාජවාදී නවීකරණය කරා නොසැලී ගමන් කරමින් සිටී. ෂී ජින් පිං මහතාගේ නායකත්වය හා පක්ෂ මධ්‍යම කාරක සභාව ඉටු කර ඇති කාර්යභාරයන් එම විශ්‍රාමික ඉහළ පෙළේ නිලධාරීන් ඉහළින් අගය කර තිබේ.චීන කොමියුනිස්ට් පක්ෂයේ හා චීන හමුදා සේවයේ සියලු සාමාජිකයන් මෙන්ම සමස්ත චීන ජනතාව, ෂී ජින් පිං මහතාගේ නායකත්වයෙන් යුත් චීන කොමියුනිස්ට් පක්ෂයේ මගපෙන්වීම යටතේ රට සවිමත් කිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට ගෙන යනු ඇති බවට ඔවුන් බලාපොරොත්තු ද පළ කර ඇත.
More Stories
ජර්මන් මැතිවරණයේ ජයග්‍රහණය විපක්ෂ සන්ධානයට
14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 14 වැනි සැසිවාරය පැවැත්වේ
චීනය සමග පවත්නා ද්විපාර්ශ්වික ආයෝජන ඇමරිකාව සීමා කිරීමෙන් සිය ප්‍රතිලාභයට හානි වේ